සජබයෙන් පිරිසක් එජාපයට?

Samagi Jana Balawegaya Harin Fernando
By Sewvandhi Oct 29, 2023 04:49 AM GMT
Report

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ, සමගි ජනබලවේගයෙන් තමන්ව ඉවත් කිරීමට ගත් තීරණය පෞද්ගලික වෛරයක් මත සිදුකර ඇති බවයි.

අදාළ තීරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිවැරදි තීන්දුවක් ලබාදෙනු ඇති බවයි, අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

නඩු තීන්දුවෙන් අනතුරුව සමගි ජනබලවේගයේ බොහෝ පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග එකතු වනු ඇති බව ද හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.