ලුණු කන හැමෝටම අතිශය භයානක ආරංචියක්...හේතුව මෙන්න.

Sri Lanka
By Aruna May 25, 2022 08:37 AM GMT
Report

ලුණු අපගේ දෛනික ආහාර වේලට නැතිවම බැරි අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක්.

එවන් පසුබිමක පුත්තලම ලුණු ලේවාය ආසන්නයට අක්‍රමවත් ලෙස සිදු කෙරෙන කසළ බැහැර කිරීම හේතුවෙන් ලුණු නිෂ්පාදන කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

අපේ දෛනික ආහාරවේල සකස් කර ගැනීමට නැතිවම බැරි, අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක්.

කාන්තාරකරණය කරන ලද මුඩු බිම් තෝරාගෙන හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි සමතලා පොළොව මත සකස් කරන ලද පාත්ති වෙත අධික ලවණ මිශ්‍ර කලපු ජලය රැගෙනවිත් ලුණු නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරනු ලබනවා.

සාම්ප්‍රදායික ක්‍රමවේදයන් අනුගමනය කරන ඇතැම් ලුණු නිෂ්පාදකයින් ලුණු ලේවායේ ජලය රැඳවීම සඳහා මැටි මිශ්‍ර පස් යොදා ගනිමින් පාත්ති ඉදිකර තිබුණ ද වර්තමානයේ දී ලෑලි භාවිත කර පාත්ති සැකසීම සිදු කරන්නේ කල් පැවැත්ම සහ පරිසර හිතකාමී ක්‍රියාමාර්ගයක් ලෙසින්.

නමුත් මේ වනවිට පුත්තලම ලුණු ලේවායේ පාත්ති සැකසීම සඳහා ඇස්බැස්ටෝස් භාවිත කර ඇති ආකාරය දක්නට ලැබෙනවා.

මෙම ඇස්බැස්ටෝස්වල පවතින ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය නිසා පසුගිය කාලයේ ඒවා ආනයනය තහනම් කිරීමට පවා මෙරට රජය පියවර ගෙන තිබුණා.

එවන් තත්ත්වයක් තුළ මිනිසාගේ ආහාර සඳහා මිශ්‍ර කරන ලුණු නිෂ්පාදනයේදී මෙම පාත්ති සඳහා ඇස්බැස්ටෝස් යොදා ගැනීමෙන් එහි රසායනික ද්‍රව්‍ය ලුණු සමඟ මිශ්‍ර වී ඇතැම් රෝග වැළදීමේ ප්‍රවණතාවක් ද දක්නට ලැබෙන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම මේ වනවිට පුත්තලම නගරයේ අපද්‍රව්‍ය බැහැර කිරීම ද මෙම ලුණු ලේවාය ආසන්නයේ සිදු කෙරෙන බැවින් එම අපද්‍රව්‍ය ලුණු සමඟ මිශ්‍ර වන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now