වැටුප් ගැන ඇහෙන තවත් ආරංචියක් - දෙසැම්බර් 31ට කලින් කරන්න යන දෙය.. ජනපති ගත් තීරණය මෙන්න.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැවිලි සමාගම් ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව සාමූහික ගිවිසුමකට එළැඹෙන ලෙසත් වතු කම්කරුවන් ඉල්ලා සිටින අවම දෛනික වැටුප වන රුපියල් 1,700ක මුදල ලබා දීම හෝ වැඩි කරන වැටුප් ප්‍රමාණය පිළිබඳව එලැඹෙන දෙසැම්බර් මස 31 වනදාට පෙර දැනුම් දෙන ලෙසයි.
අද (08) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව වැවිලි සමාගම් ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී සඳහන් කළේ ය.
මෙම සාකච්ඡාව, මෙවර අයවැයෙන් යෝජනා කරන ලද කෘෂිකාර්මික නවීකරණ වැඩපිළිවෙළට අනුව ප්‍රාදේශීය වැවිලි සමාගම් ඔවුන්ගේ වැඩපිළිවෙළ සකස් කරගන්නේ කෙසේද යන්න සොයා බැලීම සඳහා කැඳවා තිබිණි.
එමෙන්ම,මෙහිදී වතු කම්කරු ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ පිළිබඳවද වැඩිදුරටත් සාකච්ඡා කෙරිණ.
අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, ඉදිරි කටයුතු සඳහා කමිටු පත් කිරීමට අපේක්ෂා කරන බවයි.
තව ද මෙහිදී සාකච්ඡා වූයේ, වතු කම්කරු ජනතාවගේ නිවාස අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා කිරීමට එක් කමිටුවක් පත් කිරීමටත් වතු කම්කරුවන් සහ වැවිලි සමාගම් නියෝජනය කරමින් තවත් කමිටුව පත් කිරීමටත් ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් ජනාධිපතිවරයා කියා සිටියේ රටේ ආර්ථික දියුණුව ඇති කිරීමේ දී අපනයන ආර්ථිකයක් කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බවත් ඒ සඳහා ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනාගේ දායකත්වය අවශ්‍ය බවත් ය.