අත්‍යවශ්‍ය භාණ්ඩ 05ක මිල අඩු කිරීම සහ වැටුප් වැඩි කිරීමක් ගැන ප්‍රබලයෙක් ගෙන් හෙළිදරව්වක්..
මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පහක සහ භාණ්ඩ රැසක මිල පහල දමන ලෙස ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කර ඇති බව හිටපු අමාත්‍ය මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර සිටිනවා.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (04) දින, පස්බාගේ කෝරළේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය රාජ්‍ය ආයතන රැසක් එක් කර ගනිමින් නාවලපිටිය නගරයේ සංවිධානය කර තිබු රන්මිණි දියවර සංස්කෘතික කලා මංගල්‍යයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි මේ බව කියා සිටියා.
මෙහිදි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් මෙවර අයවැයෙන් වැඩි කිරීමට රජය තීරණය කර තිබියදී ඇතැම් රාජ්‍ය සේවකයන් වෙනත් දේශපාලන පක්ෂවල උවමනාව මත වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ වල නිරත වන බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.
එම උද්ඝෝෂණ වල නිරතව සිටි වැඩි පිරිසක් උපාධිදාරින් බවත්, එම උපාධිදාරින් උපාධි පත්වීම් ලබාගෙන වසර ගණනාවක් රැකියාවක් නොමැතිව සිටියදී ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ රජයෙන් ඒ අය සදහා රජයේ රැකියාවන් ලබාදුන් බවයි.
උද්ඝෝෂණය කිරිමේ අයිතිය ජනතාවට තිබුණද එම උද්ඝෝෂණ සිදු කල යුත්තේ දේශපාලන වාසි ලබාගැනිමට නොව සැබැ අයිතින් දිනා ගැනිමට පමණක් බවයි අලුත්ගමගේ මහතා අවධාරණය කළේ.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ, උද්ඝෝෂණවලට බියවී රජයක් සිදුකරගෙන යාමට නොහැකි බවත්, උද්ඝෝෂණය කිරිමේ අයිතිය ජනතාව මත තබා මෙවර අයවැයෙන් පසු ලබන වසර රටේ ජනතාවට සහනදායි වසරක් වශයෙන් පත් කිරීම තම රජයේ අරමුණ බවයි.
ඉන්ධන මිල වැඩි කිරිම නිසා මේ වන විට රටේ ඉන්ධන පරිභෝජනය අඩු වී ඇති බවත්, එමෙන්ම විදුලි බිල වැඩි කිරිම නිසා විදුලි පරිභෝජනයද අඩු වි ඇති බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.