සියලුම රාජ්‍ය සේවකයින්ට සතුටුදායක ආරංචියක්..වැටුප් වැඩි වෙන්න යන ප්‍රමාණය මෙන්න..

Parliament of Sri Lanka Bandula Gunawardane Ranil Wickremesinghe Government Employee Government Of Sri Lanka
By Aruna Nov 05, 2023 07:00 AM GMT
Report

2024 සඳහා ඉදිරිපත් වන අයවැය යෝජනාවලියට රුපියල් 10,000 වැටුප් වර්ධකයක් රජයේ සේවකයන්ට හිමි වනු ඇති බව වාර්තා වනවා.

ඒ අනුව, ලබන මාසයේ සිට රාජ්‍ය සේවකයන් ලක්ෂ 15ක පමණ දෙනාටම මෙම වැටුප් වර්ධකය හිමිවනු ඇති බවටයි වාර්තා වන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මෑතක දී කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත්තේ රාජ්‍ය සේවකයන්ට වැටුප් වර්ධකයක් අයවැය හරහා ලබා දෙන බවටයි.

නමුත් පවතින ආර්ථික තත්ත්වය මත වැටුප් වැඩි කල නොහැකි බවත්, එසේ වැටුප් වැඩි කරන්නේ නම් එය උපයාගැනීම සඳහා බදු පැනවීම හෝ රාජ්‍ය දේපළ විකුණා දැමීමක් සිදු කළ යුතුව ඇති බවත්, කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළා.

රජයේ සේවකයන් 15 ලක්ෂයක් වන රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000කින් වැටුප් වර්ධකයක් ලබා දීම සදහා වසරකට රුපියල් බිලියන 180ක පමණ ප්‍රමාණයක් අමතරව වැය කිරීමට සිදුවේ.

ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා දැඩි තීරණයක් ගනී..

ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා දැඩි තීරණයක් ගනී..