හෙට මොනවා වුනත් අපිට ඒකට මුහුණ දෙන්න වෙනවා, ඒක මගේ තාත්තට විතරක් නෙමෙයි හැමෝටම පොදුයි-සජිත අනුත්තර (PHOTOS)

By Sithumi Feb 17, 2023 05:15 PM GMT
Report

 අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක්, නිවේදන ශිල්පියෙක්, වගේම නර්ථන ශිල්පියෙක් තමයි සජිත අනුත්තර කියලා කියන්නේ. ඒ වගේම ඔහු දැන් අධ්‍යක්ෂකවරයෙක් විදිහටත් කටයුතු කරනවා.

ඉතින් මේ දිනවල රිදී තිරය ඔස්සේ දිගහැරෙන ගාඩි සිනමා නිර්මාණයේ විජයගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඔහු ආදරේ කරන ආසා කරන කලා මාධ්‍ය කීපයක් තියෙනවා කියලයි සජිත කියන්නේ. ඒ තමයි රංගනය, ගායනය, නර්තනයට අමතරව අධ්‍යක්ෂණයට.

ඒ වගේම පසුගිය කාලයේ කණ්ඩායම් සංගීතය එක්ක ඔහුගේ සංගීත හැකියාවෙන් ගායකයකු ලෙස යමක් කරන්න පුළුවන් වුණා කියලත් ඔහු කියනවා. ඉතින් මේ වසරේදී රංගනය සහ අධ්‍යක්ෂණ කටයුත්ත වෙනුවෙන් කාලය වැඩිපුර යොමු කරන්න සූදානමින් ඉන්නවා කියලයි ඔහු කියන්නේ

. ඒ වගේම SAJ කියන ඔහුගේම නිර්මාණ ආයතනය යටතේ පසුගිය කාලයේදී කළුවර කියන නිර්මාණය කළා කියලත් ඔහු කියනවා. ඉන්පසුව නදීමාල්ගෙ ආදරියේ මියුසික් වීඩියෝව එම ආයතනයේම කරලා තියෙනවා. කොහොම නමුත් දැන් මියුසික් වීඩියෝ විතරක් නෙවෙයි කෙටි චිත්‍රපට සහ තවත් නිර්මාණ මෙන්ම චිත්‍රපට නිර්මාණ දක්වා කටයුතු කරන්න බලාපොරොත්තුව තියෙනවා කියලයි සජිත කියන්නේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery