අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියකට සජිත් ගෙනා යෝජනා
ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය, තොරතුරු තාක්ෂණය සහ පරිගණක අධ්‍යාපන කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් මෙන් ම පරිගණක විද්‍යාගාර, කෘතිම බුද්ධිය ආදී නවීන ක්‍රමවේද මෙරට පාසල් දසදහස් එකසීය තුළ සමගි ජන බලවේග රජයක් යටතේ ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
රටේ එක් පැත්තකට සියලු පහසුකම් සහිත අධ්‍යාපනයක් පැවැතියත් දුෂ්කර පළාත්වල ක්‍රියාත්මක වන්නේ සිංහල භාෂාවෙන් වන අධ්‍යාපනයක් බවත් ඒ හේතුවෙන් පරම්පරා ගණනාවක් අසරණ වී ඇති බවත් ඒ මහතා සඳහන් කළා. ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය, තොරතුරු තාක්ෂණය සහ පරිගණ අධ්‍යාපන කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් මෙන් ම පරිගණක විද්‍යාගාර, කෘතිම බුද්ධිය ආදී නවීන ක්‍රමවේද මෙරට පාසල් දසදහහස් එකසීය තුළ අනිවාර්යෙන් සමගි ජන බලවේග රජයක් යටතේ ක්‍රියාත්මක කරන බවත් ඒ තුළින් සැමට එක හා සමාන අධ්‍යාපන වරම් ලබා දෙන බවත් අද (17) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොලොන්නේදී පැවසීය.
දේශයේ දුවා දරුවන් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සක්වල”හරහා ලබාදෙන 37 වන බස් රථය රත්නපුර කොලොන්න ජාතික පාසැලට අද(17) පරිත්‍යාග කරනු ලැබුවා. නිදහස් අධ්‍යාපනය ලැබුණ දා සිට අප රට තුළ ඇත්තේ කටපාඩම් ක්‍රමය අන්තර්ගත යල් පැන ගිය අධ්‍යාපනය ක්‍රමයක් වුවත් ගැටලුවලට විසදුම් ලබා දීම වැනි ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් ලෝකයේ ඇතැම් රටවල ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියා.
ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් ගෙන ගිය නිසා ජනතා අරගලයකින් එලවා දැමු හිටපු ජනාධිපතිවරයා විසින් ඉංග්‍රීසි භාෂාව මූලික කර ගත් අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම වැනි අගය කළ යුතු වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට උත්සාහ කළත් එම රජයේ ම ඇමතිවරයෙක් ප්‍රසිද්ධියේ ම එයට විරෝධය පළ කළ නමුත් එම ඇමතිවරයාගේ දුවා දරුවන් ජාත්‍යන්තර පාසල්වල විදේශ රටවල ඉගෙන ගන්නා බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රටේ පන්ති භේදයක් ඇති කරන අධ්‍යාපනයක් අප රට තුළ ක්‍රියාත්මක වන බව යි.
මෙරට අධ්‍යාපන ක්‍රමය නිසා රැකියා වෙළෙඳපොළේ පවා පන්ති භේදයක් ඇතිවී තිබෙන බවත් එය නැවැත්විය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වත්මන් පරම්පරාව මෙන් ම මතු පරම්පරාව මෙන් ම පාසල් දූ දරුවන් ඒ නිසා අසරණ වන බව යි. එබැවින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කිරීමටත් පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමටත් සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ හිටපු පාලකයන්ගේ අදූරදර්ශී පාලනය නිසා පාසල් දරුවාගේ සිට ගොවියා රාජ්‍ය සේවකයා දක්වා අනාථ වී ඇති බවයි. දේශපාලනඥයන්ගේ නොහැකියාව නිසා තවදුරටත් ඔවුන්ව අසරණ වීමට ඉඩ ලබා දිය නොහැකි බවත් ඒ මහතා කියා සිටියා .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |