විපක්ෂ නායක සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක්..

Sajith Premadasa Sri Lanka Economic Crisis Gota Go Home 2022 SL Protest
By Sewvandhi Apr 29, 2022 03:08 PM GMT
Report

සමගි ජන බලවේගය අන්තර්කාලීන ආණ්ඩුවකට විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (29) නැවතත් අවධාරණය කළේය. ඒ නිදහසේ අරගලය පාගමනට අද (29) සිව්වන දිනට එක්වෙමිනි.

ඒ මහනුවර සිට කොළඹ බලා පැමිණෙන සමගි ජන බලවේගය සංවිධාන කළ නිදහසේ අරගලය පාගමන අද සිව්වන දිනට දංඕවිටින් ගමන් ආරම්භ විය. අක්‍රමවත් පාලනය නිසා රට අරාජික වී ඇතැයි චෝදනා කරමින් ආණ්ඩුවට විරෝධය පෑම සඳහා සමගි ජන බලවේගය එය සංවිධානය කර තිබේ.

නිදහසේ අරගලය පාගමන පසුගිය 26 වනදා මහනුවරින් ගමන් අරම්භ විය. අද තිහාරිය  දක්වා පැමිණි පාගමන හෙට යක්කල සිට පෑලියගොඩ දක්වා පැමිණීමට නියමිතය. මැයි 01 වනදා පාගමන කොළඹට පැමිණ නිදහසේ අරගලය මැයෙන් "සියවසේ මැයි රැලිය" පැවැත්වීමට කටයුතු යොදා තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

"ඊයේ රෑ.. රට කාපු පොදු පෙරමුණු මන්ත්‍රි මණ්ඩලය ගහගන්නවා. ඩලස් කිව්වලු ඉස්සර සිට මහින්ද මහත්තයාව ඇසුරු කළා කියලා. ජනාධිපති කියලා ඔයා ඇසුරු කරන්න ඉස්සෙල්ලා එයා මගේ අයියා කියලා."

  "අච්චාරු වෙච්ච මණ්ඩලය අපිට කියනවා අන්තර්කාලීන ආණ්ඩුවකට එන්නලු. අපි විරුද්ධයි යන්න."  "කනක් ඇහිලා ඉන්න නෑ. මට පැය 24ම කෝල් එනවා. අන්තර්වාර පාලනයට එන්න කියලා. තර්ජනයකුත් කරනවා. මට කියනවා අපි ළඟ සැලැස්ම තියෙනවාලු විපක්ෂනායක කම නැති කරන්න. මේ විපක්ෂ නායකකම් ගලවලා දාන්න මම ඕනම වෙලාවක සූදානම්."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now