සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා පිළිබඳව විපක්ෂනායකවරයා කළ හෙළිදරව්ව..

Nassar Ranjan Ramanayake Sajith Premadasa Sri Lanka Politician Sri Lanka
By krishani May 23, 2022 12:58 AM GMT
Report

ඊයේ(22) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවේ දී සජිත් ප්‍රේමදාස මහතා සිය අදහස් දැක්වූයේ මෙලෙසිනී,

"අද දවසේත් මේ මානව හිතවාදියා සිරගතව සිටිනවා.බලපතළ අසාධාරණයක්. අපි හැමෝම බරපතළ දුකකට මුහුණදෙනවා.රන්ජන් රාමනායක කියන්නේ මිනීමරුවෙක්,ස්ත්‍රී දුෂකයෙක්,ළමා අපචාරකරුවෙක්,බැංකු මංකොල්ලකරුවෙක් නෙමෙයි.රට දැය වෙනුවෙන් තමන් සිතන සත්‍ය එළිපිටම නිර්භීතව ප්‍රකාශ කරපු,තමන්ගේ මුළු ධනස්කන්ධයම ජනතා සුබ සිද්ධිය උදෙසා කැපකළ මානව හිතවාදියෙක්.එතුමා කිසිම දවසක ඩීල් දේශපාලනයේ නියැලුණේ නෑ. සිරගතව සිටියත් එතුමාගේ ආත්මය පාවා නොදෙන තමන්ට ජනතාව ලබාදුන් ජනවරම පාවා නොදුන්න උතුම් මානව හිතවාදියෙක්.මට මතකයි රන්ජන්ගේ එක් ප්‍රකාශයක්."

"උන් ඔක්කොම යාළුවෝ මල්ලි"යන ප්‍රකාශය.නමුත් රන්ජන් රාමනායක මැතිතුමා උන්ගේ හිතවතකේ නොවුණ නිසා අදට හිරේ ඉන්නවා.මේක තමා සත්‍ය කතාව.කිහිපවතාවක් අපි ඉදිරිපත් කළා මෙතුමාගේ නිදහස තහවුරු කරන්න කියා. නිකන් නිදහස නෙමෙයි පූර්ණ නිදහස. නමුත් අදටත් එය සිදුව නෑ.නැවතත් කියනවා මනුෂ්‍යත්වයේ නාමයෙන් රන්ජන් රාමනායක මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඇතුළුව පුර්ණ නිදහස ලබාදීමට කටයුතු කරන්න.කරුණා කරලා රන්ජන් රාමනායක මහතා ඩීල් දේශපාලනයේ නියැලෙන්නේ නැති අයෙක් බව හැමෝම අවබෝධ කරගත්තොත් හොඳයි.ඒ නිසා එතුමාට ලබාදෙන නිදහස කොන්දේසි විරහිත නිදහසක් වියයුතුමයි කියන එක අදාළ බලධාරීන්ට කියන්න කැමතියි.අපි නිරතුරුවම රන්ජන්ගේ නිදහස වෙනුවෙන් සටනේ සිටිනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join