බංකොළොත් රටක රාජපක්ෂවරු එක්ක ජනාධිපති විශාල කේක් ගෙඩියක් කැපුව හැටි ගැන සජිත් කියන කතාව - රනිල්ගේ පිහිටෙන් සැපවත් ජීවිතයක්?.
Mahinda Rajapaksa
Ranil Wickremesinghe
Sri Lanka Politician
Sri Lanka
President of Sri lanka
By krishani
ඊයේ (18) දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය තිබිණ.
ඒ වෙනුවෙන් උපන් දින සාදයක් ද සංවිධානය කර තිබුණේ ය.

රනිල්, ගෝඨාභය සමග සියල්ලන් පිරිවරා මහින්ද රාජපක්ෂ උපන්දින සැමරුවේ මෙහෙමයි - බලන්නකෝ තව කවුද ආවේ කියලා.. (VIDEO)
ඒ ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ රටේ ජනතාව බඩගින්නේ දුක්විදින කොට රටේ වත්මන් නායකයා සහ හිටපු රාජ්‍ය නායකයා විශාල කේක් ගෙඩියක් කපමින් උපන් දින සමරන බවයි.
එමෙන්ම රටේ ජනතාවගේ ජන ජීවිත බෙලෙන්ම කපපු නායකයෝ වත්මන් නායකයාගේ පිහිටෙන් සැපවත් ජීවිතයක් ගත කරන බවත් ඔහු සඳහන් කළේ ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂනායකවරයා පැවසුවේ මෙය 2019 ගත් වැරදි තීන්දු තීරණවල ප්‍රතිඵල බවයි.
කෙසේ වෙතත්, විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ බදුවතුගොඩ ශ්‍රී සුනන්දාරාමයේ පැවති උත්සවයකට ඊයේ (18) එක් වූ අවස්ථාවේ දී ය.