ළමා මන්දපෝෂණයෙන් ලංකාව ලෝකයෙන්ම 6 වැනි තැනට එද්දී මැති ඇමතීන්ට සැප නිවාස..

Parliament of Sri Lanka Sajith Premadasa Sri Lanka Politician Sri Lankan political crisis
By krishani Aug 30, 2022 06:09 AM GMT
Report

ළමා මන්දපෝෂණයෙන් ලංකාව ලෝකයම 6 වැනි තැනට ඇවිත් තියෙද්දී රජය මැති ඇමති නිල නිවාස අලුත්වැඩියාවට ලක්ෂ 4000ක් වෙන්කර ගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ(29) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එම අදාළ යෝජනාව සඳහා මේ වන විට කැබිනට් අනුමැතිය ද ලැබී ඇති බවත් මෙම ප්‍රතිපාදන වෙන් කර රටේ පාසල් දරුවන් සඳහා දිවා ආහාර වේලක් ලබාදීමේ වැඩපිළිවෙළ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ ය.

එමෙන්ම ළමා මන්දපෝෂණය අතින් ලංකාව ලොව 6වන තැනට පැමිණ ඇති බවට පළ වූ යුනිසෙෆ් ආයතනයේ වාර්තාව ද වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මෙහිදී කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join