සජිත් ප්‍රේමදාසට සහ රංජිත් මද්දුමබණ්ඩාරට කොළඹ දිසා අධිකරණය දුන් නියෝගය..

R M Ranjith Madduma Bandara Sajith Premadasa
By krishani Dec 09, 2022 09:10 AM GMT
Report

සමගි ජනබලවේගයේ සභාපති සජිත් ප්‍රේමදාසට සහ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට ලබන වසරේ ජනවාරි 25 වැනිදා කොළඹ දිසා අධිකරණය හමුවේ කරුණු දක්වන මෙන් අද (09) දින නොතීසි නිකුත් කෙරුණේ ය.

ඒ ඔවුන් විසින් එම තනතුරු දැරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ පැමිණිල්ලට අනුවයි.

කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම එම නියෝගය ලබා දුන් අතර ඒ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ය.

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව පිටස්තර පක්ෂයක සාමාජිකත්වය දරන පුද්ගලයෙකුට සමගි ජන බලවේගයේ සාමාජිකත්වය දැරිය නොහැකි බව පෙත්සම්කාරිය කියා සිටියේ ය.

එහෙත් සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර වෙනත් පක්ෂයක සාමාජිකයින් වශයෙන් කටයුතු කරන බව සහ තමන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් සිදුකළ විනය ක්‍රියාමාර්ගවලට එරෙහිව ඔවුන් විසින් අධිකරණය හමුවේ නඩු පවරා ඇති බව පැමිණිල්ලෙන් පෙන්වා දෙයි.

කෙසේවෙතත් ඒ අනුව සජිත් ප්‍රේමදාසට සහ රංජිත් මද්දුම බණ්ඩාරට සමගි ජනබලවේගයේ තනතුරුවල කටයුතු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඇය අධිකරණයෙන් ඉල්ලා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join