ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට මොකද වුණේ.. විපක්ෂ නායක සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්.
ක්‍රිකට් පරිපාලනය සහ ක්‍රීඩාව තුළ මේ වන විට පුද්ගලිකත්වය මතු වී ඇති බවත් මේ තත්ත්වයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගැනීමට පුද්ගලික වාදභේදවලින් තොරව නැවතත් නැගි සිටිය යුතු බවත් ඒ සඳහා හොද අවබෝධයක් ඇති ශූරයන්ට වීරයන්ට එම වගකීම බාර දී දේශපාලන ඇගිලිගැසීම්වලින් තොර කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (4) සක්වල වැඩසටහන යටතේ හිගුරක්ගොඩ යොදා ඇල මහා විද්‍යාලයට 43 වැනි සුහුරු පන්තිකාමරය ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්. සියලු ක්‍රීඩා දේශපාලන ඇගිලිගැසීම්වලින් තොර කළ යුතු බවත් එහිදී අදාල ක්‍රීඩාව සම්බන්ධ අවබෝධයක් ඇති අයට එම වගකීම ලබා දී ක්‍රිකට් ක්‍රිඩාවේ ඇති ගජමිතුරු සේවනය නැති කර දැමිය යුතු බවත් මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති ගජමිතුරු සේවයන නිසා පාසල් සහ සංගම් මට්ටමේ ක්‍රීඩකයන්ට තැනක් නැතිවී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ලක්ෂ 220ක් වූ ජනතාව හා බැදුනු ක්‍රිකට් ක්‍රීඩාව සුළු පිරිසකගේ බඩගෝස්තරවාදය සඳහා යොදා ගැනීම මහා ඛේදවාචකයක් වී ඇති බව යි.
මේ වන විට ක්‍රීඩාව තුළ පුද්ගල චරිත වර්ධනයට සහ වැට්ටවීමට කඳවුරු ගැසී ඇති බවත් මේ තත්ත්වය වෙනස් වී රටක් ලෙස එක කඳවුරක් බවට පත් වී පාසල් වයසේ සිට දක්ෂතාවට කුසලතාවට හැකියාවට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළටම යා හැකි තත්ත්වයක් ඇති කළ යුතු බවත් මෙහි ඇති දේශපාලන සබඳතාව නැති කර දැමිය යුතු බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ක්‍රිකට් ක්‍රිඩාවේ ඇති හොරකම් නැති කිරීමට හොරු රකින ආණ්ඩුවකට නොහැකි බව යි.
නමුත් සමගි ජන බලවේග රජයක් තුළ සියලුම ක්‍රීඩා නිර්දේශපාලනීකරණය කර අදාළ ක්‍රිඩාව ගැන දැනුමක් සහිත ලොව ජය ගත් ශූරයන්ට වීරයන්ට එහි වගකීම ලබා දෙන බවත් කිසිම පුද්ගලයකු රැකීමට හෝ වැට්ටවීමට සමගි ජන බලවේගය සූදානම් නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසුවා.
ජනතාව දුක් විදින කොට පාලකයෝ සුරසැප විදිනවා
මේ වන විට රටේ ජනතාව අභියෝග රැසකට මුහුණ දෙන බවත් අඟහිඟතාවන් රැසක් තුළ අතිශය පීඩනකාරි ජිවිතයක් ගෙන යන බවත් මෙවැනි තත්ත්වයක් රටේ පැවැතියත් පාලකයෝ සුරසැප විඳින බවත් ඔවුන්ට ගැටලු ප්‍රශ්න නොමැති බවත් ඔවුන්ගේ සුබසාධනයට රට සවාරි යන්න මුදල් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.