වැට් බද්ද වෙනුවට තවත් විකල්ප රැසක් සජිත් කියයි.... රජයට ප්‍රබල අභියෝගයක්...

Sajith Premadasa Sri Lanka Samagi Jana Balawegaya
By Sithumi Nov 02, 2023 12:50 PM GMT
Report

වර්තමාන ආණ්ඩුව 3 වැනි වතාවටත් විදුලිය වැඩි කර මේ රටේ විදුලි පාරිභෝගිකයන් දශලක්ෂ ගණනින් අනාථ කර ඇති මොහොතක වැට් බද්ද සියයට 18ක් දක්වා වැඩි කර ඇති බවත් ප්‍රතිගාමී බද්ධක් වන මෙය තමන්ගේ ආදායම කුමක් වුවත් හැමෝටම එක හා සමාන බද්දක් ලෙස ගෙවිමට සිදුවන හෙයින් මෙය පහත් ක්‍රියාවක් බවට විග්‍රහ කරන බවත් එසේ විග්‍රහ සිදු කරන විට මේ සඳහා විකල්පයන් විමසා විවිධ පුද්ගලයන් විවේචන සිදු කරන බවත් ඔවුන්ට අවශ්‍ය විකල්පය පැහැදිලි කිරීමට තමා සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

වැට් බද්ද වෙනුවට දැනට බදු එකතු කරන ක්‍රමවේදය හෙවත් බදු පරිපාලනය කාර්යක්ෂම කළ යුතු බවත් එය විනිවිදභාවයකින් ඩිජිටල්කරණයට ලක් කරනවාට සමහර පුද්ගලයන් විරුද්ධ වී උද්ඝෝෂණ ආදිය සිදු කරන බවත් යම් හෙයකින් ඩිජිටල්කරණයක් සිදු කළ හොත් හොරකම අඩුවන බවත් ඔහු ප්‍රකාශ කළා.

එසේම කෝටි ගණන් මුදල් උපයන මුත් බදු පැහැර හරින පුද්ගලයන්ගෙන් නිවැරදිව බදු අය කර ගැනීමත් දූෂිත ක්‍රමවේද යටතේ රජයට හිතැති සමාගම්වලට ලබා දුන් අනවශ්‍ය බදු සහන ඉවත් කළ යුතු බවත් මෙම සමාගම්වලට අනවශ්‍ය ලෙස ලබා දී ඇති බදු සහන තුළින් කිසිදු ප්‍රතිලාභයක් රටට අත් නොවූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මේ ක්‍රමවේද හරහා වැට් බදු වැඩි නොකර රාජ්‍ය ආදායම වැඩි කර ගත හැකි බව යි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද දඹදෙණිය නුන්ගමුව දම්සෙන් මාධ්ය මහා විද්‍යාලයට සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්