මම අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා... සජිත්ගෙන් ප්‍රභල ප්‍රකාශයක්.. ජනාදිපති උනාම රටට කරන්න යන දේවල් මෙන්න..
රජයේ නියෝජිතයන් පිරිසක් ගොබෙල්ස්ගේ මාධ්‍ය ප්‍රතිපත්තිය මවා පාමීන් රනිල් ජනාධිපතිවරණයට ඉල්ලනවා නම් සජිත් ඉල්ලන්නේ නැති බවට වන ව්‍යාජ ප්‍රවෘත්තියක් මවා පාන බවත් මෙම ප්‍රකාශ සිදු කරන්නේ තමා ජනාධිපතිවරයාට ඉල්ලන විට ගෝඨාභය එක්ක ගිවිසුම් ගසා තමා පරාජය කිරීමට උත්සාහ කළ අය බවත් මේ අයගේ මනස විකෘති වි ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.
මේ අයට දිය හැකි පිළිතුර වන්නේ විපක්ෂ නායකවරයා ලෙස තමා ජනාධිපතිවරණයට පෙනී සිටින බවත් මොවුන් තමා ජනාධිපතිවරණයට පෙනී නොසිටින බවට ප්‍රවෘත්ති පළ කර සිටීමෙන් තමාගේ ජීවිතය සම්බන්ධයෙන් අවදානයක් ඇති බවට පෙනී යන බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.
තවද කිසිදු අවස්ථාවක තමා මරණයට බියවන නිවටයකු නොවන බවත් ඕනෑම දවසක ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවත් තමා කිසිදු අවස්ථාවක රාජපක්ෂලා සමඟ ඩීල් හා ගිවිසුම් දමා නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.
එසේම පාර්ලිමේන්තු අනපනත් ගෙන එන්නේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස වුවත් එය සම්මත කිරීමට රාජ්‍ය අනුග්‍රහයක් අවැසි බවත් මේ රජය කිසිදු අවස්ථාවක වී වලට සහතික මිලක් ලබා දෙන මිල සූත්‍රයක් ලබා දෙන්න සූදානම් නොමැති කෘෂිකාර්මික විරෝධි ආණ්ඩුවක් ලෙස හැදින්විය හැකි බවත් මේ ආණ්ඩුවේ ප්‍රධානීන් පසුගිය රජය කාලයේ වී ගොවීන් හෑල්ලුවට ලක් කරමින් ගුවන්තොටුපොළවල පවා වී ගබඩා කළ බවත් එවැනි දේ සිදු කලේ සජිත් ප්‍රේමදාස වන තමාගේ ඡන්ද අඩු කිරීමේ කුමන්ත්‍රණයකට බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.
- සිතුමි -