මහ බැංකුව කඩන්න යන අලුත්ම ක්‍රමය සජිත් හෙළි කරයි

Central Bank of Sri Lanka Parliament of Sri Lanka Sajith Premadasa Sri Lanka
By Sewvandhi Nov 19, 2022 02:34 PM GMT
Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද දින (19) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, මහ බැංකුව කඩා ගැනීම සඳහා රජයේ දැවැන්ත උත්සාහයක නිරතවන බවයි.

එනම්, රටේ මහ බැංකුව මහ දවල් මංකොල්ල කෑව, ඒ වගේම කනකම් බලාගෙන හිටපු සමහරුන්ට මේ වතාවෙත් මහ බැංකුව කඩා ගන්න බැරි වුණා ම මොන ක්‍රමයකින් හරි තමන්ගෙ හෙංචයියන් පිරිසක් පත්කරගන්න උත්සාහ කරන බව පෙනෙන්නට ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මහ බැංකු අධිපතිවරයා ප්‍රමුඛ මහ බැංකුවට චෝදනා එල්ල කරමින් මුට්ටිය දාමා බලන බවයි එතුමා කියා සිටියේ.

නැවත මහ බැංකුව කැඩීම සඳහා ඒ වැඩේට හරියන ගජමිතුරු කල්ලියක් මහ බැංකුවට පත් කරගත්තම එය වඩා පහසු බව ඔවුන් දන්නා බව පැවසූ විපක්ෂ නායකවරයා ජාතික ලැයිස්තුවෙන් පිනට පත් වූ සමහරු ඊට කැස කවන බව ද පැවසුවා.

මහ බැංකුව කැඩීම පිළිබඳව වත්මන් අග්‍රාමාත්‍යවරයා එදා කළ ප්‍රකාශය නැවත Replay කරන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි විපක්ෂනායකවරයා වර්තමානයේ දී මේ රටේ ආර්ථිකය බංකොලොත් කරන්න මුල් වෙච්ච සියලු දෙනා රතු පලස් උඩින් සුරක්ෂිතව එගොඩ කර ඇති බවත් පැවසුවා. 

 ආර්ථිකය බංකොලොත් කරපු එක පුද්ගලයෙක් පොත් ලියන බව කී විපක්ෂනායකවරයා, ආර්ථිකය බංකොලොත් කරපු තව පුද්ගලයෙක් අළුමතින් නැගිටින්න හදන බවත් තවත් සමහරු එහෙම නැගිටින අයට ඔක්සිජන් දෙන බවත් කියා සිටියා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now