සජිත් ක්‍රිකට් පිත්ත අතට ගෙන දස්කම් පෙන්වයි - අලුත් ඛේදවාචකය ගැනත් කියයි.. (VIDEO)

Sajith Premadasa Sri Lanka Politician Sri Lankan political crisis
By krishani Oct 14, 2022 11:16 PM GMT
Report

දේශයේ දුවා දරුවන් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක "සක්වල" හරහා ලබාදෙන 36 වන බස් රථය ගාල්ල සිද්ධාර්ථ ජාතික පාසලට පරිත්‍යාග කිරීම ද ඊයේ (14) සිදු කෙරුණා.

ඒ විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ය.

උත්සව අවස්ථාවෙන් අනතුරුව එම පාසලේ දරුවන් සමග ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට මෙන් ම සක්වල වැඩසටහන හරහා පිරිනැමුණු බස් රථයේ මංගල ධාවනය ද විපක්ෂ නායකවරයා විසින් සිදු කරනු ලැබු අතර ආණ්ඩුව ආර්ථිකයෙන් මෙන්ම අදහස් අතිනුත් බංකොලොත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කබලෙන් ළිපට වැටී ඇති ජනතාවට අලුත් බදු බරක් පැටවීමට ආණ්ඩුව කටයුතු කොට ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel