දමිතාගේ සුවදුක් බැලීමට දේශපාලන ප්‍රබලයෙක් යයි..
Sajith Premadasa
Sri Lanka Politician
SL Protest
By krishani
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ගාලු මුවදොර අරගල ක්‍රියාකාරී රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මියගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (12) උදෑසන මැගසින් බන්ධනාගාරය වෙත ගොස් ඇත.
බන්ධනාගාරයෙන් පිටත පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ, පොදු ජන අරගලයට නායකත්වය දුන් දමිතා අබේරත්න වැනි පුද්ගලයින් වත්මන් රජය විසින් දඩයම් කිරීම දැඩි ලෙස හෙළා දකින බවය.