විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට දැඩි අනතුරු ඇගවීමක්..!

Sajith Premadasa SL Protest
By Sewvandhi Jul 08, 2022 03:35 PM GMT
Report

රජයට එරෙහි සාමකාමී ජනතා විරෝධතා ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රකාශනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

භාෂණයේ නිදහස සඳහා මහජනතාව භාවිතා කරන විදුලි සංදේශ සහ දත්තවලට කිසියම් නීති විරෝධී බාධාවක් ඇති කිරීම ඇතුළුව, මහජනතාවගේ සාමකාමී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පාලනය කිරීමට හෝ අවහිර කිරීමට රජය කිසිදු අයහපත් ක්‍රමයක් භාවිතා නොකළ යුතු බව ඔහු පැවසීය.   

එවැනි ඕනෑම නීති විරෝධී උත්සාහයක් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් පිරිහීමට තුඩු දෙන අතර ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවෙන් තවදුරටත් ඈත් වීමට හේතු වනු ඇතැයි විපක්ෂ නායකවරයා අනතුරු ඇඟවීය.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ජනතා අයිතීන්ට බලතල දරන අය කිසිවිටෙක බාධා නොකළ යුතුයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now