.. ඊටත් පස්සෙ ආණ්ඩුවක් හදනවා..- සජිත් කරන්න යන දේ...
By Sithumi
නුවර සිිට කොළඹට සමගි ජනබලවේගය පැමිණෙන පා ගමනේ ඉලක්කය වෙන කිසිවක් නොව රට පුරාම මෙවන් පා ගමන් දියත් කර සමගි ජන බලවේග ආණ්ඩුවක් බිහි කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එම පක්‍ෂය විසින් සංවිධානය කර ඇති පා ගමන අමතමින් හෙතෙම මෙසේ පැවසීය.
‘මේ ගමනේ අවසාන ඉලක්කය රට පුරාවට ම මෙවන් පොදු ජන යාත්‍රා දියත් කරලා වෙන මොකවත් නෙවේ සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ පොදු ජන රජය බිහි කිරීම බව මේ අවස්ථාවේ කියන්න කැමතියි. මේ වගේ රටකට වින කරපු මේ කාලකණ්ණි හැත්ත අපි මැර බලයෙන් ගෙදර යවන්නේ නෑ.
අපි ගෙදර යවන්නේ ජන මතයෙන්, ජන බලයෙන්, ජන සවියෙන්, ජන ශක්තියෙන් කියලා ප්‍රකාශ කරනවා. ආදරණීය ඔබ සියලු දෙනාට අපිත් එක්ක කොළඹට ම යන්න ආරාධනා කරනවා’
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |