කවුරුත් ආදරේ කරන මව් පදවියට සූදානම් වන, සචිනි නිපුන්සලාට ලැබෙන්න ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා හැමෝටම කිවුව හැටි...(PHOTOS)

Sri Lanka Gossip Today Sri Lankan Actress
By Sewvandhi Oct 23, 2022 03:58 PM GMT
Report

 අපේ රටේ කොයි කාගේත් ආදරය දිනාගෙන ඉන්න දෙරණ නාලිකාව හරහා නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී නිවේදන ශිල්පිනියක් තමයි සචිනි නිපුන්සලා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම නිවේදනයට මෙන්ම නර්ථනයටත් ඇය ඉතාම දක්ෂ බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

ඉතින් ඒ වගේම දෙරණ චැම්පියන්ස්ටාර් වැඩසටහනේ නිවේදිකාවක් විදිහට වසර ගණනාවක් තිස්සේ ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය පහුගිය කාලයේ ඇයගේ ආදරණීය පෙම්වතා වෙලා හිටපු ඉසුරු සමඟ විවාහ වෙලා දැන් කාටත් ආදර්ශයක් සපයමින් ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරන බව හැමෝම දන්නවා.

ඉතින් මේ ආදරණීය පුංචි කැදැල්ලෙන් අහන්න ලැබුණු සතුටු දායක පුවතක් ගැන අපි පහුගිය දවසක අපි ඔබ වෙත තොරතුරු අරගෙන ආවත් ඔබට මතක ඇති. ඉතින් ඒ තමයි මේ රටක් ආදරය කරන ආදරණීය කළා ශිල්පිනිය කුළුදුලේ උතුම් මව් පදවියට සුදානම් වන පුවත.

ඉතින් මේ විදිහට ඇයගේ කුස තුල මෙලොව එලිය දකින්නට බලාගෙන ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා ඊයේ ඔවුන් ලෝකෙටම හෙළි කරලා තිබුණා. ඉතින් මේ විදිහට කුළුදුලේ කිරි සිනහවත් අරගෙන මේ පුංචි කැදැල්ලට එකතු වෙන්න ඉන්නේ පුංචි පුත් කුමාරයෙක්.

ඉතින් මේ විදිහට උතුම් මව් පිය පදවිය ලබන්නට ඉන්න සචිනිටත් ඇයගේ ආදරණීය සැමියා ඉසුරුටත් අපි හදවතින්ම සුබ පතන ගමන් කුස තුල ඉන්න පුංචි පැsl ටියටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු. ඒත් එක්කම මේ ආදරණීය යුවලගේ ඉදිරි ජීවිතය තව තවත් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery