දෙන්නා එක්ක දාපු මත්පැන් සාදයෙන් පස්සේ.. අයියාගේ ගෙල කපා ඝාතනය කළ මල්ලීගේ කතාව...

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Murder
By Sewvandhi Mar 31, 2024 04:31 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් කුඩගම මැදගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි රාසු සෙල්වකුමාර් නැමති පුද්ගලයෙකු , සිය බාල සොහොයුරා විසින් ගෙල කපා ඝාතනය කර තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ බිරිඳ විදේශ ගතව සිටින අතර ඇය අද දිනයේදී ආපසු නිවසට පැමිණිමට බලාපොරොත්තු වන බැවින් නිවස අස්පස් කොට තබන ලෙස සිය ස්වාමිපුරුෂයාගේ බාල සහෝදරයාට දුරකථනයෙන් දන්වා තිබෙනවා.

ඒ අනුව තම වැඩි මහල් සොහොයුරා රැකියාවට ගොස් සිටි නිසා , බාල සොහොයුරා තනිවම තම නිවස ආසන්නයේම පිහිටි වැඩිමහල් සොහොයුරාගේ නිවස අස්පස් කොට ඇති අතර, සවස තම වැඩිමහල් සොහොයුරා නිවසට පැමිණි පසු ඒ බව ඔහුට දන්වා තිබෙනවා.

පසුව සොහොයුරන් දෙදෙනා එක්ව එම නිවසේදී මත්පැන් පානය කර ඇති අතර, එහිදී ඇතිවූ කතාබහක් දුරදිග ගොස් පසුව එය ආරවුලක් බවට පත්ව තිබෙනවා. එහිදී බාල සොහොයුරා විසින් දැලි පිහියකින් තම වැඩිමහල් සොහොයුරාගේ ගෙල කපා ඝාතනය කොට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බාල සොහොයුරා වන 38 හැවිරිදි රාසු උදයකුමාර් නැමැත්තා රුවන්වැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙනවා.