රුසියානු යුක්‍රේන යුද්ධ සදහා ගිය ශ්‍රී ලාංකිකයන් පිළිබදව ඇහෙන භයානක කතාව.
රුසියානු - යුක්‍රේන යුද්ධය සදහා ගොස් මේ වන විට ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් අවතැන්ව සිටිනවා.
ඒ හා සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් පැමිණිලි 464ක් ලැබී ඇති බව තාරක බාලසූරිය රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.
රුසියාවට ගිය පුද්ගලයින් සංඛ්‍යාව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කළ නොහැක බවයි ඔහු සඳහන් කළේ.
"බොහෝ අය ඉන්දියාවට හෝ මැද පෙරදිග රටවල්වලට ගිහින් තමා රුසියාවට ගිහින් තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ලංකාවෙන් රුසියාව ගියා ද කියන එක ගණනය කරන්න අපහසුයි. නමුත් පැමිණිලි ආවේ 464 දෙනෙකුගෙන් විතරයි. ඒ නිසා මුලික ඒ අය ගැන කතා කරනවා.
" එමෙන්ම රුසියානු - යුක්‍රේන යුද්ධයේදී මියගිය අය සඳහා වන්දියක් ලබා ගැනීම සඳහා කළ ඉල්ලීමට එකඟතාවට පළ වූ බවඳ තාරක බාලසූරිය රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
"මේ අය රුසියාවට ගියාට පස්සේ ආරක්ෂක අංශ එක්ක ගිවිසුම් ගතවෙලා තියෙනවා රුසියානු හමුදාවට එක්වෙලා සටන් කරන්න. ඔවුන් ඒ ගිවිසුම් ගැන දැනුවත් නෑ කියන එක තමා අපිට දැනුවත් කරලා තිබුණේ.
හැබැයි මේක නීතියානුකූලව වලංගු ගිවිසුමක්. දැනට අපිට පවුල්වල අය දැනුම්දීලා තියෙනවා 126ක විතර සම්බන්ධ කරගැනීම අපහසුයි කියලා. ඒකෙන් අදහස් වෙනනේ නෑ ඔවුන් මියගිහින් කියලා."