අමෙරිකානු හමුදාවත් ගේමට බසියි..යුක්‍රේනයේ සහයට රටවල් 52ක්..රුසියාවට ඇපත් නැතිවෙයිද?.

World Ukraine American Russian
By Aruna Mar 08, 2022 04:25 AM GMT
Report

අමෙරිකානු හමුදා සාමාජිකයින් 500 ක් යුක්‍රේනයට ආසන්න රටවල් කිහිපයක් වෙත කැදවා තිබෙනවා.

ඒ, රුසියාවට එරෙහිව යුද වදින යුක්‍රේනයේ සහයට නොව නේටෝ සංවිධානයේ රටවල් ශක්තිමත් කිරීමේ අරමුණින්.

එම හමුදා බට පිරිස් කැදවා ඇත්තේ පෝලන්තය, රුමේනියාව මෙන්ම ජර්මනිය සහ ග්‍රීසිය ඇතුලු නේටෝ පාර්ෂවයේ රටවල් වෙතයි.

මේ අතර යුක්‍රේනය අද නිවේදනය කළේ රුසියානු ආක්‍රමනයට එරෙහි සටනේදී යුක්‍රේනයේ සහයට රටවල් 52 කින් ස්වේඡා සේවකයින් 20,000 ක් තම රටට පැමිණීමට කැමැත්ත පළ කර ඇති බවයි.

රුසියාවේ, යුක්‍රේන ආක්‍රමණයේ 13 වන දිනය වන අදත් තවදුරටත් දෙපාර්ශවයේ හමුදා අතර දරුණු ගැටුම් පවතිනවා.

මේ අතර ගැටුම් ආරම්භ වූ ඉකුත් පෙබරවාරි 24 වනදායින් පසු පළමු වරට යුක්‍රේන ජනාධිපතිවරයා කිව් අගනුවර සිය කාර්යාලයේ සිට වීඩියෝවක් හරහා ජනතාව අමතා තිබෙනවා.

ඔහු එහිදී පවසා ඇත්තේ තමා කිසිවෙකුටත් බිය නොවන බවයි.

එමෙන්ම යුක්‍රේන හමුදා ශක්තිමත්ව සිටින බවත්, ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

මේ අතරතුර රුසියාව විසින් තවත් නගර 05 ක් සඳහා නව සටන් විරාමයක් යෝජනා කර ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.

ඒ අතරට කිව් අගනුවර ද අයත්.

කෙසේවෙතත් යුක්‍රේනය තවමත් එය පිළිගෙන නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now