ලංකාවට ඉතාමත් අඩු මිලට ඉන්ධන දෙන්න රුසියාව සූදානම්...වැඩේ වෙන්නෙ මෙහෙමයිලු..

Sri Lanka Russian Federation Sri Lanka Fuel Crisis
By Aruna Jul 27, 2022 11:12 PM GMT
Report

ශ්‍රී ලංකාවට රුසියාවෙන් ඉන්ධන ලබා දීම සඳහා රුසියානු රාජ්‍ය සමාගම් දෙකක නියෝජිතයින් මෙරට පැමිණ සාකච්ඡා කර කර පිටව ගොස් තිබෙනවා.

එම රුසියානු සමාගම විසින් ශ්‍රී ලංකාවට අවබෝධතා ගිවිසුම් සකස් කර එවා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ පාර්ශවයෙන් මේ සඳහා එකඟ වන්නේ නම් මාසිකව ඩොලර් මිලියන 300ක බොරතෙල් ණයට දීමට එම සමාගම සූදානම් බව දන්වා එවා ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

මෙම ඉන්ධන සදහා මුදල් ගෙවිය යුත්තේ අවුරුද්දකට ණය සහන කාල සීමාවෙන් පසු බවත් එම ඉන්ධන ලබා දෙන්නේද ලෝක වෙළඳ පොලේ වත්මන් මිලට වඩා අඩු මුදලකට බවත් මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ වෙතත් රුසියානු යෝජනාවට තෙල් සංස්ථාවේ නීති අංශයේ නිලධාරීන් විසින් මෙම සමාගමේ නීත්‍යානුකූලභාවය නොසලකා අදාළ ගනුදෙනු සිදුකළ නොහැකි බව දැනුම් දී ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ අද පැවැති විවාදයට එක් වෙමින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now