ලංකාවේ විදිහට රම්පේ කොකනට් අයිස්ක්‍රීම් රෙසිපි.

Healthy Food Recipes Sri lanka Food Recipes Ice Cream
By Wayomi Oct 04, 2022 11:17 AM GMT
Report

ලංකාවේ අපි ව්‍යංජනයට විතරක් දැම්මට රම්පේ කියන්නේ ඉතාමත් ගුණ ආහාරයක්. විශේෂයෙන්ම රම්පේ ඉස්ම. සමහරුනම් දැන් රම්පේ වලින් බීම වර්ග එහෙම හදන්න පටන් අරන්. ඉතින් මේ කියන්න යන්නේ ඒ විදිහට අපේ කෙනෙක් හදපු රම්පේ කොකනට් අයිස් ක්‍රීම් රෙසිපි එකක් ගැනයි. ඔබත් ගෙදරදී හදලා රස බලන්න. වියදම අඩුයි. ගුණාත්මක බවින් වැඩියි. 

අවශ්‍ය ද්‍රව්‍ය

? කුරුම්බා ගෙඩියක ලොඳ

? මිල්ක්මේඩ් පොඩි ටින් එකකින් භාගයක් (200Ml)

? විපිං ක්‍රීම් 200Ml

? රම්පේ යුෂ මේස හැඳි 3ක් (කුඩා කැබලි කපාගත් රම්පේ කෑලි වලට වතුර මේස හැඳි 2ක් දාලා මිරිකා පෙනේරයකින් පෙරා යුෂ ගන්න)

සාදාගන්න ආකාරය

? කුරුම්බා ලොඳ ටික භාජනයකට දාලා ඒකට මිල්ක්මේඩ් දාලා හැන්දකින් හොඳින් කලවම් කරන්න.

? ඒකටම රම්පේ යුෂ ටිකත් එකතු කර මිශ්‍ර කර පසෙකින් තබන්න.

? දැන් වෙනත් භාජනයකට විපිං ක්‍රීම් ටික දාලා ඉලෙක්ට්‍රික් බීටරයකින් ක්‍රීම් වනතුරු high speed බීට් කරන්න.

? දැන් ක්‍රීම් එක කලින් සාදාගත් රම්පේ කුරුම්බා මිශ්‍රණයට එකතු කර හොඳින් කලවම් කර වහන්න පුළුවන් භාජනයකට දාලා අධි ශීතකරණයේ පැය 5ක් පමණ සෙට් වෙන්න තියලා රස විඳින්න. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW