රුලං අලුවා කෑල්ලක රස බලමුද?

Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Aug 04, 2022 11:47 AM GMT
Report

තේ මේසයට රස රුලං අලුවා රෙසිපි එකක් මෙන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

? බැදපු රුලං 250 g ක්

? පොල් 150g ක්

? රතු සීනි 400g ක්

? කජු ස්වල්පයක්

? කුඩුකර ගත් එනසාල් ඇට කීපයක්

? වතුර කෝප්ප තුන් කාලක්

? ලුණු ස්වල්පයක්

? වැනිලා ස්වල්පයක්


සාදාගන්න ආකාරය

? මුලින්ම රතු සීනි ටික භාජනයට දාලා වතුරත්, එනසාල් ටිකත් දාලා ලිපෙන් තියන්න

? සීනි ටික දිය වෙලා භාජනය වටෙන් බුබුළු දානකොට පොල් ටික එකතු කරන්න

? පසුව කජු , ලුණු , වැනිලා ටිකත් එකතු කරගන්න

? ඉන්පසු ලිපෙන් බාගෙන බැදපු රුලං ටික ටික එකතු කරගන්න

? ට්‍රේ එකකට බැදපු රුලං ටිකක් ඉස, ඉන්පසු හදාගත් රුලං මිශ්‍රණය එකතු කරන්න

? තුනී කරපු ගමන්ම කෑලි ඉරි ගහලා තියාගන්න. හොඳින් නිවුණට පසු කෑලි වෙන් කර ගන්න


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW