මම දැන් නැවතත් පෙම්වතියක්, නමුත් මගේ ජීවිතේ මට වැඩිපුරම ලැබුනේ නොලැබීම්-රුක්ෂානා දිසානායක (PHOTOS)

By Sithumi Jan 14, 2023 02:09 PM GMT
Report

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන නීල පබළු සහ ලංවී කියන ටෙලි නිර්මාණ හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි රුක්ෂානා දිසානායක කියලා කියන්නේ.  

ඒ වගේම ඇය දක්ෂ නර්ථන ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ දවස් වල බාධක කම්කටොලු සතුට දුක හිනාව කඳුළ මැද්දේ කොහොම හරි ඉස්සරහට යනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම නීල පබළු ටෙලි නාට්‍යය නිසා මේ දවස් වල හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලත් ඇය කියනවා. 

 ඉතින් ඒක ඇයගේ රංගන ජීවිතේට ලොකු හැරවුම් ලක්ෂ්‍යක් වුණා කියලයි ඇය නම් කියන්නේ. ඒ වගේම ළංවී නාට්‍යයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවාලු. ඒත් එක්කම ඉස්සරහට රූපගත කිරීම් කරලා එන්න තියෙන ටෙලි නිර්මාණ 12ක් විතර වගේම චිත්‍රපට හතරක් එන්න තියෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය රංගන ශිල්පිනියක් නොවුණා නම් මේ වෙද්දී අනිවාර්යයෙන්ම ගුරුවරියක් වෙන්න හිතාගෙන හිටියා කියලයි රුක්ෂානා කියන්නේ. ඒ වගේම ජීවිතේ ලැබීම් නොලැබීම් ගැන කියනවා නම් ඇයට වැඩියෙන්ම නොලැබීම් තමයිලු ලැබිලා තියෙන්නේ.  

ඒ නිසාම බලාපොරොත්තු කඩවීම් ගොඩක් තියෙනවා කියලත් ඇය කියනවා. නමුත් ඒ කිසිවක් ගැන අදටත් පසුතැවීමක් නැහැලු. ඉතින් ජීවිතේ හැම පරාජයක්ම ඕනෑම කෙනෙක් ජයග්‍රහණයට මාවතක් කර ගන්න ඕනේ කියලයි ඇය කියන්නේ. ඒ නිසා ඇය කිසි දෙයක් ගැන දුක් වෙන්නෙ නැහැලු. ඒ වගේම සමහර නොලැබීම් ඇයගෙ ජීවිතේ යම් යම් දේවල්වලට තීරණ ගන්න සහ අනාගතය උදෙසා ඒවා පිටිවහලක් වුණා කියලා ඇය හිතනවාලු. ඉතින් ඉදිරියට හැම දෙයක්ම සාර්ථකව කර ගන්න උත්සාහ කරනවා කියලත් ඇය කියනවා.  

ඒ වගේම ඇය ආදරේට ජීවිතේ ලොකු ඉඩක් දීලා තියෙනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඉඩක් කියනවාටත් වඩා ජීවිතේ ඇය සම්පූර්ණයෙන්ම වගේ ආදරේ වෙනුවෙන් කැප කරන කෙනක්ලු. ඒ වගේම ආදරේ නැත්නම් ජීවිතේ පුදුමාකාර හිස් බවක් තේරෙනවා කියලත් ඇය කියනවා. 

මොකද ආදරේ එක්ක තමයිලු ඇයට හැමදෙයක්ම කරන්න ශක්තිය ලැබෙන්නේ. ඉතින් ඇය විශ්වාස කරන දෙයක් තමයිලු මොන දේ තිබ්බත් මේ ලෝකේ ආදරයක් නැත්නම් කිසිම දෙයක් කර ගන්න අමාරුයි කියන දේ. ඒ නිසා ලැබෙන ආදරේ පරිස්සම් කර ගන්න තමයිලු ඇය හැමතිස්සෙම උත්සාහ කරන්නේ. ඉතින් මේ වෙද්දී ඇය ආදරවන්තියක් කියලත් රුක්ෂානා කියනවා. ඔහු වෘත්තියෙන් සිනමා කැමරා ශිල්පියෙක් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery