රුහුණේ රසට අච්චාරු රෙසිපියක්.
ගොඩක් වෙලාවට ඉතින් ආච්චාරු කන්න ලැබෙන්නේ wedding එකකදී, දාන ගෙදරකදී හරි මොකක් හරි උත්සවයකදී. හැබැයි ඉතින් වැඩි කාලයක් වැය නොකර පැයෙන් දෙකෙන් ඔබට පුළුවන් රස අච්චාරුවක් හදාගන්න. ඔන්න අද කියන්න යන්නේ රුහුණේ විදිහට රස රුහුණු අච්චාරුවක් හදාගන්නේ කොහොමද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය
🟡 සෝදා පිරිසිදු කරගත් වියළි හාල් මැස්සන් 100g
🟡 රතු ළූණු ගෙඩි 15ක් පමණ
🟡 අමු මිරිස් කරල් 10 ක්
🟡 අඹරාගත් අබ මේස හැඳි 1ක්
🟡 කෑලි මිරිස්, කහ, ගම්මිරිස් කුඩු ස්වල්පයක්
🟡රස අනුව ලුණු සහ සීනි
🟡 විනාකිරි cup 14ක්
සාදාගන්න ආකාරය
🟡 හාල් මැස්සන් ගැඹුරු තෙලේ බැදගන්න.
🟡 ඒ රත් වු තෙලටම දමා රතු ළූණු විනාඩි 2ක් පමණ බැදගන්න.
🟡 ලිප නිවා තෙල් වල රස්නය තිබියදීම අමු මිරිස් ටික තෙලට දමා යන්තම් බැදගන්න.
🟡 මැටි හට්ටියක් ගෙන එයට විනාකිරි ටික එකතු කරගෙන රත් කරන්න.
🟡 එය උතුරන විට එයට පහේ ටික, ලුණු සහ සීනි එක් කර මිශ්‍ර කරගන්න.
🟡 ඊටම බැදගත් ළූණු, හාල් මැස්සන් සහ අමු මිරිස් එක් කර විනාකිරි සිඳෙන තුරු අඩු ගින්දරේ රත් කරන්න.
🟡 එය නිවුණු පසු බෝතලයකට දමා කල් තබා ගන්න පුළුවන්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |