රොෂාන් රණසිංහ දේශපාලනයෙන් සමුගන්නා දිනය තීරණය කරයි.
                                    
                    Roshan Ranasinghe
                
                                                
                    Sri Lanka Politician
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    රටට නව ආදර්ශයක් ලබාදෙමින් තමා වයස අවුරුදු 65 පෙර දේශපාලනයෙන් සමුගැනීමට සුදානම් බව රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.
ඔහු මේ බව කියා සිටියේ,නුගේගොඩ ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, රාජ්‍ය සේවයේ විශ්‍රාම යායුතු සීමාව දේශාපාලනයට ද වලංගු විය යුතු බවයි.

"කවදාහරි මගේ ඇස්පෙනීම අඩුවෙයි, කවදාහරි මගෙත් කං ඇහීම අඩුවෙයි. හැබැයි ඒක තමයි යතාර්ථය. ඇයි රාජ්‍ය සේවය අවුරුදු 60න් විශ්‍රාම යන්නේ?. විනිසුරුවරයෙකුටත් සේවය කරන්න පුළුවන් අවුරුදු 65යි. ආණ්ඩුකාරවයෙකුගේ වයස අවුරුදු 80ක් වුණාම පසුගිය ඉතිහාසයේ, ඔහුට හොඳ සිහිකල්පනාවක් තියෙනවාද වැඩකරන්න. මගේ දේශපාලන ජීවිතයේ අපි ආදර්ශයක් දෙනවා. දේශපාලනයෙන් අවුරුදු 65ට කලින් අපි විශ්‍රාම යන්න සූදානම්. මෙතන ඉන්න සියලුදෙනාම එහෙමයි. ඒ ආදර්ශය අපි දෙන්න සූදානම්."
                
                