ක්‍රීඩා ඇමතිගෙන් මෝසමක්..!

Roshan Ranasinghe Cricket Sri Lanka Cricket Sri Lanka
By Sewvandhi Nov 13, 2023 10:34 AM GMT
Report

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා පත්කරනු ලැබූ අතුරු පාලන කමිටුවේ කටයුතු අත්හිටුවමින් ඉකුත්දා නිකුත් කරන ලද අතුරු තහනම් නියෝග ඉවත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ විරෝධතා ගොනුකර තිබේ.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නීතීඥ ජී.ජී.අරුල්ප්‍රගාසම් මහතා මාර්ගයෙන් මෙම විරෝධතා ඉදිරිපත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ගොනුකරනු ලැබූ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණ අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු සහ ඊට අදාළ ගැසට් නිවේදනය අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා අතුරු තහනම් නියෝග නිකුත් කළා.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් එම අතුරු තහනම් නියෝග ඉවත් කරන ලෙස ඉල්ලා මෙම මෝසම ඉදිරිපත් කර තිබේ.