ක්‍රිකට් තහනමකට ලක්වුවහොත් කළ යුතු දේ ක්‍රීඩා ඇමති හෙළිකරයි..!

Roshan Ranasinghe Sajith Premadasa Cricket Sri Lanka Cricket Sri Lanka
By Sewvandhi Nov 10, 2023 08:00 AM GMT
Report

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ, යම් හෙයකින් ක්‍රිකට් තහනමකට ලක්වුවහොත් මාස 6ක කාලයක් අර්ජුන රණතුංග මහතාට භාර දී පසුව නිලවරණයක් පවත්වන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර තහනමකට ලක්කිරීම සඳහා උත්සහයක් පවතින බවට අද (10) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසු ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එළැඹෙන සඳුදා දින තමා අභියාචනාධිකරණය හමුවට යන බවත් ඉන් සාධාරණයක් අපේක්ෂා කරන බවත්ය.

කෙසේවෙතත් මේ වනවිට නීතිපතිවරයා වෙත තබා ඇති විශ්වාසය බිඳවැටී ඇතැයි ද පැවසු ක්‍රීඩා අමාත්‍යවරයා තමා පෞද්ගලික නීතිඥයින් මාර්ගයෙන් මෙහි කටයුතු සිදුකරන බව ද පැවසීය.

"තහනමක් තව එන්නේ නෑ. මේ අය අති විශේෂ බලයක් දාලා කෙරොත් මිසක්, ලංකාවේ අය මේක පාවා දුන්නොත් ඇරෙන්න මේකට තහනමක් එන්නේ නෑ. බැරිවෙලා හරි මම දැක්කා ඇමතිවරයෙකුත් ඍණාත්මකව කතා කළා මේක තහනම් වුණොත් කියලා. මොකද්ද අපි කරන්නේ ? එහෙම නම් අපිට තියෙන්නේ අර්ජුන රණතුංග මහත්තයාට මාස 6ක් හරි 8ක් හරි මේක භාරදීලා හදලා, අපි නිලවරණයකට ගිහින් මේ පනත සම්මත කරගෙන ඊළඟ තරගවලට යන්.

එකඟත්වය ලබාදෙන්න ඉස්සරහට යන්න. ඒ අනුව මම සඳුදා දිනයේ අභියාචනාධිකරණයට යනවා. එතැනින් අපි බලාපොරොත්තු වෙනවා යුක්තිය. එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. මේ දුෂිත රැළ ඉවත් කරන්න. ඒ ක්‍රියාමාර්ග ටික නොකඩවා ගන්නවා. මට තවදුරටත් නීතිපතිවරයාගේ වැඩපිළිවෙල ගැන විශ්වාසයක් නෑ. ඒ වෙනුවෙන් පෞද්ගලික නීතිඥයෝ අල්ලනවා. මොකද දිගින් දිගටම කරඇරියා."