වෙළඳපොලේ මිල අධිකම රෝස පෙති පවුඩර් සහ face pack ගෙදරදීම හදාගමු.

By Wayomi Aug 22, 2022 10:52 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

වෙළඳපොලේ තියෙන රෝස පෙති පවුඩර් කියන්නේ සාමාන්‍යයයෙන් මිල අධික රූපලාවන්‍ය ද්‍රව්‍යක්. හැබැයි ඒවාට විවිධ කෘතිම වර්ණක ,කල් තබා ගැනීමේ ද්‍රව්‍ය එකතු කරනවා. හැබැයි ඉතින් ඔබට පුළුවන් එච්චර ලොකු මුදලක් වියදම් නොකර ගෙදරදීම රෝස පෙති පවුඩර් සහ face pack හදාගන්න.

රෝස පෙති පවුඩර් හදාගන්නා ආකාරය

🌹 රතු රෝසමල් 15ක් - 20ක් හොයාගන්න.( ඊට වැඩි වුණත් කමක් නෑ.)

🌹 පෙති ගලවලා සෝදාගන්න.

🌹 ට්‍රේ එකක ටිෂූ එලලා හෙමින් මේ පෙති ඒ මත අතුරන්න.

🌹 අව්වෙ දවස් 3-4ක් වියලාගන්න.

🌹 හොඳටම වේලුනාට පස්සෙ ග්‍රයින්ඩරයක් භාවිතයෙන් හෝ කුඩු කරගන්න.

🌹 පස්සේ වියලි cup එකකට දාලා අරන් තියාගන්න.

🌹 මේක මාස 6ක් පමණ කල් තියාගන්න පුළුවන්.  


මේ රෝස පවුඩර් යොදාගෙන මුහුණ පැහැපත් කරන ක්‍රීම්වර්ග සහ පැක්වර්ග නිවසේදිම හදාගන්න පුළුවන්. 


Face Pack 01

🥀 රෝස පෙති පවුඩර් තේ හැන්දකට යෝගට් තේ හැන්දක් දාලා හොදට මිශ්‍ර කරන්න.

🥀 දැන් මේ මිශ්‍රණය පිරිසිදු කරගත් මුහුණේ හා බෙල්ලේ ආලේප කර විනාඩි 2-3ක් සෙමෙන් වක්‍රාකාරව මසාජ් කරන්න.

🥀 විනාඩි 20කින් පමණ සීතල වතුරෙන් සෝදා හරින්න.

🥀 මෙය සමට නැවුම් බවක් හා පැහැපත් බවක් එක් කරන පැක් එකකි.

🥀 වියලි සමට වඩාත් සුදුසුයි.


Face Pack 02

🥀 රෝස පෙති පවුඩර් තේ හැන්දකට බිත්තර සුදුමද තේ හැන්දක් හා මී පැනි තේ හැන්දක් යොදන්න.

🥀 හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 20කින් පමණ සෝදා හරින්න.

🥀 මෙය ඔබේ මුහුණේ ඇති විශාල සිදුරු කුඩා කිරීමට හේතුවන පැක් එකකි.

🥀 එලෙසම මුහුණේ ඇති අනවශ්‍ය රැලි ඉවත් කරන නිසා වියපත්වීම ප්‍රමාද කරන්න උදව් වෙනවා.


Face Pack 03

🥀 රෝසපෙති පවුඩර් තේ හැන්දකට දොඩම් පොතු කුඩු තේ හැන්දක් හා මී පැනි තේ හැන්දක් එකතු කර හොදින් මිශ්‍ර කරන්න.

🥀 පේස්ට් එක සාදාගැනීමේදි වතුර හෝ රෝස වතුර ස්වල්ප වශයෙන් එකතු කළ හැකියි.

🥀 දැන් මිශ්‍රණය මුහුණේ ආලේප කර විනාඩි 20කින් පමණ සෝදා හරින්න.

🥀 මෙය තෙල් සමට වඩාත් සුදුසුයි. තෙල් ගතිය පාලනය කර පැහැපත් පෙනුමක් ලබාදෙයි.

🥀 ඔබට ඇත්තේ වියලි සමක් නම් රෝස වතුර වෙනුවට කිරි ස්වල්පයක් හෝ Fresh cream ස්වල්පයක් යොදාගන්න .   



ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW