වහලෙත් කඩාගෙන කුස්සියට වැටුණු වතුර ටැංකිය ජීවිතයක් බිලිගනී..

Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines
By Sewvandhi Feb 16, 2024 07:59 AM GMT
Report

ඉහළ මාලයක අනාරක්ෂිතව සවිකර තිබූ ජල ටැංකියක් මුළුතැන්ගෙට කඩා වැටීමෙන් එහි සිටි කාන්තාවක් මියගොස් ඇති පුවතක් වාර්තා වනවා.

මෙම අවාසනාවන්ත සිද්ධිය ඇතිවී තිබුණේ වලස්මුල්ල නගරයේ ආපනශාලාවක් තුළය.

මේ අතර, ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ඇඟ මතට කපන ලද කිතුල් ගසක් වැටීමෙන් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඊයේ (15) සවස් කාලයේදී හඟුරන්කෙත කැටිල්ලවල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති අතර බරපතළ තුවාල ලද එම පුද්ගලයා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 53 හැවිරිදි ඉස්කෝලවත්ත ඇකිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකි.

පොලීසිය සඳහන් කළේ එම මරණය සම්බන්ධයෙන් ගස කපන ලද පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.