සාමාන්‍ය කෙනෙකුට ලන්වෙන්නවත් බැරි බල්න්නකෝ මේ වාහනේ ඔබ පුදුම වේවී..(PHOTOS)

Rolls-Royce Luxury Cars
By Sithumini Jul 16, 2024 03:55 PM GMT
Report

ඔබත් වාහන ගැන උනන්දුයිනම් කවශා හරි ගන්න හීන දකින වාහනයක් ගැන තමයි මේ කියන්න යන්නේ.

Rolls Roys කියලා කියන්නේ ලෝකයේ ධනවත්ම පාරිභෝගිකයන් සඳහා වෙන් වූ සුඛෝපභෝගි මෝටර් රථ සන්නාමයක්.

මෙම මෝටර් රථ 50% කටත් වඩා මිනිස් ශ්‍රමයෙන් නිර්මාණය වීම නිසා අධික මිලක් සහිතයි.

නමුත් ඒ මිල ගණන් වලට අවම හෝ උපරිම මිලක් නැත්තේ එය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවය මත වෙන් වෙන් වශයෙන් නිර්මාණය වන නිසයි.

ඒ විතරක් නෙවෙයි වෙන කිසිදු මෝටර් රථ නිෂ්පාදකයකු සතුව නොමැති වර්ණ 44000 කට වඩා අධික ප්‍රමාණයක් Rolls Roys මෝටර් රථ සමාගම සතුව පවතිනවා.

ඔබ දන්නවාද ඒ වර්ණ සියල්ලක්ම විවිධ පාරිභෝගිකයන් විසින් තෝරා දෙන ලද වර්ණ වීම විශේෂ කරුණක් ඒ වගේම ඔවුන් එම වර්ණ වලින් මෝටර් රථ හැඩ කරන විට ස්ථර විසිතුනක පමණ තීන්ත ආලේපන සිදු කරන බවයි සඳහන් වෙන්නේ ඔවුන්ගේ සමහර තීන්ත වර්ග පාරිභෝගික අවශ්‍යතාවය මත දියමන්ති මිශ්‍ර කිරීමෙන් ද සාදා තිබෙනවා.

එමෙන්ම rolls royce හි හස්ත ශිල්පයෙන් අඳිනු ලබන රේඛා සියල්ලක්ම පිංතාරු කරනු ලබන්නේ එක් පුද්ගලයකු විසින් ඔහුට ඒ සඳහා සුවිශේෂී හැකියාවක් ඇති අතර ඔහු එම පින්තාරු කීම සඳහා භාවිතා කරන්නේ ලේනුන්ගේ ලොම් සහ මිනිස් හිසකෙස් වලින් සෑදූ පින්සල්.

ඔහු පවසන අන්දමට ඒවායින් කරන පින්තාරු කිරීම් වල දෙවෙනි වටේදී ඇඳීමට කිසිවක් ඉතුරු නොවන බවයි. ඒ වගේම සෑම rolls royce මෝටර් රථයකට අනන්‍ය වූ කොටස් කිහිපයක්ද තිබෙනවා.

එනම් ඉදිරිපස ග්‍රිල් කොටස , රෝද වල ඇති කිසිවිටකත් කැරකෙන්නේ නැති R R සලකුණ , Spirit of Ecstasy ලාංඡනය,සුඛෝපභෝගී අංගොපංග,නිහඬ ගමනක් උදෙසා සවිකර ඇති රාත්තල් 300ක පමණ බරින් යුත් ද්වනි පරිවාරක , මාර්ගයේ ගැටුම් ශබ්ද ඩෙසිබල් 9කින් පමන අඩු කරන විශේෂ රෝද , නවීන නමුත් සම්භාව්‍ය අන්දමින් නිමවූ ඉදිරිපස පුවරුව , fiber optic වලින් රාත්‍රී අහසක් මෙන් සෑදූ ඇතුළත වහලය ඇතුළු අනර්ඝ මෙන්ම උසස් අනන්‍යතා රැසකින් එය සමන්විත වෙනවා.

එතෙක් මෙතෙක් ඉහළම මිලකට අලෙවි අලෙවි වූ rolls roys මෝටර් රථ අතර ඩොලර් මිලියනයක වටිනාකමින් යුත් රේක් නැමති රැප් ගායකයා වෙනුවෙන් නිමවූ වෘෂිකන් මෝටර් රථයද , වසර හතරක් පුරා නිමවුණු ඩොලර් මිලියන 13ක වටිනාකමකින් නිමවු සෙප්ටේල් මෝටර් රථයද ඉතාම සුවිශේෂී වෙනවා.

ඉතින් මිත්‍රවරුනේ සියල්ලන්ටම වඩා rolls roys මෝටර් රථ මිල අධිකම වන්නේ එකම එක හේතුවක් මුල් කරගෙනයි ඒ එම මෝටර් රථවල ඇති අති සුපෝකභෝගී කමයි.

GalleryGalleryGalleryGalleryGallery