සුපිරි රෝහිත රාජපක්ෂ කටුකුරුන්ද කළඹන්න සූදානම් (Video)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා මෝටර් රථ ධාවන තරගයක් සඳහා එක් වී සිටී. මෙවර කටුකුරුන්ද ධාවන පථයේ පැවැත්වෙන මෝටර් රථ ධාවන තරගාවලිය සඳහා ඒ මහතා මෙසේ එක්ව ඇත.
ඔහු පවසන්නේ වසර හතකට පසුව තමන් මෙම තරගාවලිය සඳහා එක්වන බවයි.
වරක ඔහු අභ්‍යාවකාශ පද්ධති ඉංජිනේරුවෙකි. ගුවන් නියමුවෙකි. ගායකයෙකි. රගර් ක්‍රීඩකයෙකි.
බහුවිධ දක්ෂතාවන්ගෙන් යුත් ඔහුගේ අලුත්ම ප්‍රවේශය ක්‍රිකට් පිටියයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ අන්තර් ක්‍රීඩා සමාජ එක්දින තරගාවලියේ තරගයක් සඳහා ඔක්තෝබර් 27 සහභාගි විය.
කළුතර ක්‍රීඩා සමාජය හා නාවික හමුදා කණ්ඩායම අතර පැවති තරගයේ ඔහු කළුතර ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තරග වැදිණි.
සිය කුළුදුල් තරගයේදීම ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසි රෝහිත රාජපක්ෂ මුහුණ දුන් පළමු පන්දුවේදීම ලකුණු නොලබා යළි ක්‍රීඩාගාරය වෙත යැවීමට ප්‍රතිවාදී ක්‍රිඩකයන් සමත්විය.
නාවික හමුදා කණ්ඩායමේ විශ්ව ප්‍රනාන්දු යැවු පන්දුවක් හමුවේ රෝහිත කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී දැවී ගියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |