පැය 4ක ප්‍රශ්න කිරීම් අවසන් - සුප්‍රීම්සැට් ගනුදෙනුව ගැන ප්‍රකාශ දී රෝහිත FCIDයෙන් පිටව යයි

Law and Order Rohitha Rajapaksa Latest Headlines Sinhala news FCID - Financial Crimes Investigation Division
By R.rishma Nov 26, 2026 09:56 AM GMT
Report

සුප්‍රීම්සැට් (SupremeSAT) චන්ද්‍රිකා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (26) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණි රෝහිත රාජපක්ෂ මහතා ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන ඔහුගෙන් අදාළ විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට FCIDය කැඳවා තිබුණි.

ඒ අනුව, පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔහු මෙලෙස පිටව ගොස් ඇත.