හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගම අත්අඩංගුවට

Bribery Commission Sri Lanka Law and Order Sinhala news Colombo politics heat up Arrest
By R.rishma Oct 07, 2026 08:59 AM GMT
Report

හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව අල්ලස් කොමිසමේ නිලධාරිවරයෙකු සඳහන් කර ඇත්තේ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (07) දින අල්ලස් කොමිසමට පැමිණ සිටි හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව මෙසේ අත්අඩංගුවට ගත් බවයි.

එමෙන්ම හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.