රෝහිත්ගේ මහත්මා ගුණය නිසා දසුන්ට ශතකයක්..

Rohit Sharma Cricket Sri Lanka Cricket Dasun Shanaka
By Sithumi Jan 10, 2023 06:13 PM GMT
Report

ඉන්දියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද පැවති පළමු එක්දින ක්‍රිකට් ගැටුම අතර සිදුවූ සුවිශේෂී සිදුවීමක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. ඒ ශ්‍රී ලංකා නායක දසුන් ශානක සිය ශතකයට ලකුණු 2ක් තිබියදී දැවී යාමට තිබූ අවස්ථාවක් රෝහිත් ශර්මාගේ මැදිහත්වීම මත නිෂ්ප්‍රභා කිරීමේ සිදුවීම හේතුවෙන්.  

එහිදී තරගයේ අවසන් පන්දුවාරය යොමුකරමින් සිටියේ මොහොමඩ් ෂමී විසින් වන අතර ඔහු ලකුණු 98ක් ලබා සිටි දසුන් ශානකව මන්කාඩ් ක්‍රමයට දවාගැනීමට උත්සාහ කළා. එහිදී ඔහු එම දැවී යාම පිළිබඳව විනිසුරුවරයාගේ ඉල්ලීමක් කළ අතර එහිදී ඉන්දීය නායක රෝහිත් ශර්මා වහාම එම ඉල්ලීම ඉල්ලා අස්කර ගත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය ට ගරු කරමින්.  

ඒ අනුව තරගයේ අවසන් පන්දුවාරයේදී දසුන් ශානක සිය දෙවන එක්දින ශතකය රැස්කිරීමට සමත්විය. ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 12ක් ඇතුළත් වුණු අතර පන්දු 87කදී ඔහු ලකුණු 100 සීමාව පසුකර යාමට සමත්වුණා. තරගයෙන් අනතුරුව ශර්මා පැවසුවේ ශානක ඉතා විශිෂ්ට අයුරින් පිත්ත හැසිරවූ බවයි.