පරිස්සමෙන් පොලිස් වෙසින් නිවසකට ඇතුල් වී සිදු කළ භයානක දේ..

CID - Sri Lanka Police Sri Lanka Police
By Sithumi Jul 01, 2023 05:48 PM GMT
Report

පොලිස් වෙසින් ව්‍යාපාරික නිවසට කඩා වැදී රන් භාණ්ඩ කොල්ල කයි පොලිස් නිලධාරීන් ලෙසින් හඳුන්වා නිවස සෝදිසි කිරීමට අවශ්‍ය බව පවසා කහතුඩුව ලී මෝල් හිමි ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඊයේ සවස කඩා වැදුණු තිදෙනෙකුගෙන් යුත් කල්ලියක් ඔහුගේ බිරිඳට සහ පුතුට පහරදී රුපියල් ලක්ෂ 25 කට ආසන්න වටිනා රන් භාණ්ඩ තොගයක් කොල්ලකා පලා ගොස් තිබෙනවා.

විනාඩි 15ක පහළොවක පමණ කාලයක් කොල්ලකරුවන් නිවස තුළ රැඳී සිටි කොල්ල කරුවන් කාමර තුනක තිබූ අල්මාරි රෙදි පිලි අවුස්සා එහි තිබූ රන් භාණ්ඩ මෙන්ම ව්‍යාපාරික බිරිඳ පැළඳ සිටි රන් මාලයද කොල්ල කා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. 

 කොල්ල කරුවන් යතුරුපැදිවලින් පැමිණ ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට කහතුඩුව පොලිසිය සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශන ක්‍රියාත්මකයි.