ප්‍රවේසමෙන් වංචාකරුවන් හැමතැනම... කෝටි ගණනක වංචාවක්. ඔබත් හසුවීමට පෙර අනිවාර්යෙන්ම කියවන්න

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Aug 10, 2023 04:09 PM GMT
Report

 මේ දිනවල වංචා සහගත සිදුවීම් වාර්තා වීම ඉතාමත්ම ඉහළ ගොස් තිබෙනවා. ඒ බව සනාත කරන්න අපි මින් පෙරදි ඔබට වාර්ථා කළ බොහෝ සිදුවීම් සාක්ශි දරනවා. අද අපි ඔබට කියන්නෙත් එහෙම කතාවක් ගැන.

ආනයනය කළ මෝටර් රථ 03ක් හම්බන්තොට වරායෙන් නිදහස් කරදෙන බවට පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු විසින් පුද්ගලයින් තිදෙනෙකුගෙන් රුපියල් මිලියන 6.2ක් ලබාගෙන ඇති බවද වාර්තා වන අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි සදහන් වන්නේ.

මේ අතර මින් පෙරදි මෙලෙසම නීති විරෝධව පවත්වාගෙන ගිය යතුරුපැදිවල අංක තහඩු සකස් කිරීමේ මධ්‍යස්ථානයක් පානදුර දකුණ පොලීසිය මගින් වටලා තිබුණා.

අංක තහඩු වලට අලවන DMC ලාංඡන සහිත ස්ටිකර් දහසකට ආසන්න ප්‍රමාණයක් , රාජ්‍ය ලාංඡන සහිත ස්ටිකර් සීයකට ආසන්න ප්‍රමාණයක්, නිමකල අංශ තහඩු 10 ක් , ඒ සදහා යොදාගත් පරිඝණක යන්ත්‍රයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ද භාරයට ගත්තා.

මෙවැනි වංචා අපිට දිනපතා අසන්නට ලැබෙනවා. මේ දේවල් වලට හසු නොවී සිටීමටනම් නිරන්තරයෙන් සමාජය ගැන වටපිටාව ගැන අවදානයෙන් සිටීම තමයි වැදගත් වන්නේ.

- සිතුමි -