ජල ගැලීම් හේතුවෙන් මාර්ග කිහිපයක ගමනාගමනය ඇණහිටී - පොලිසියෙනුත් දැනුම්දීමක්..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 15, 2022 06:38 AM GMT
Report

බියගම නුවරපාර පට්ටිවිල ප්‍රදේශයෙන් සුළු ගංවතුර අවදානමක් ඇතිවීම හේතුවෙන් මේ වනවිට එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇත.

බියගම නුවර පාර පට්ටිවිල ප්‍රදේශය පසුකර යන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම්දෙයි.

කැලණි ගඟ පිටාර ගැලීම සිදුවී ඇති අතර එම නිසා කැලණි ගඟ අවට ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ද ඇති වී ඇත.ඒ හේතුවෙන් 226 මල්වාන කොළඹ ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම නිසා ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇත.

මේ අතර බැලුම්මහර සිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දක්වා දිවෙන නව නුවර පාර සියඹලාපේ හන්දිය ප්‍රදේශයෙන් යටවීම හේතුවෙන් කුඩා වාහන ධාවනයට බාධා එල්ල වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join