පදික වෙළඳුන්ට ලැබෙන අලුත්ම හැදුනුම්පත

Sinhala and Tamil New Year Sri Lanka Sagala Ratnayaka
By Sewvandhi Apr 07, 2023 09:39 AM GMT
Report

ඊයේ (06) ජනාධිපති කාර්යාලයේදී පදික වෙළෙඳ සංගම් නියෝජිතයින් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

සාකච්ඡාවලින් අනතුරුව, උත්සව සමය වෙනුවෙන් මහජනතාවට අවහිරයක් නොවන ලෙස භාණ්ඩ අලෙවි කිරීම සඳහා පදික වෙළෙඳුන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.

මෙම සාකච්ඡාව පැවැත්වූයේ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ අතර එහිදී පදික වෙළෙඳුන් සඳහා විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුව තිබේ. 

 එහිදී ඔහු පවසා ඇත්තේ උත්සව සමයේදී ජනතාවට බාධාවක් නොවන අයුරින් පදික වෙළෙඳුන්ට තම වෙළෙඳාම් කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන බවය.  


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now