අද උදෑසන 6.00 සිට ප්‍රධාන මාර්ගයක් නැවත දැනුම්දෙන තුරු වැසේ.!!

Colombo Road closed Horana RDA
By Aruna Feb 13, 2022 01:18 AM GMT
Report

කොළඹ - හොරණ මාර්ගයේ බෝකුන්දර පාලමේ සංවර්ධන කටයුතු නිසා, අද (13) සිට නැවත දැනුම්දෙන තුරු මාර්ගයේ ගමනාගමනය සීමා කර තිබෙනවා.

ඒ අනුව අද උදෑසන 6 සිට රාත්‍රී 8 දක්වා කාලය තුළ එම මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමටයි පොලීසිය පියවර ගෙන ඇත්තේ.

අදාළ මාර්ගයේ සංවර්ධන කටයුතු අද දිනයේ සිට ආරම්භ කරන බවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ විසින් පොලිස් මූලස්ථානය වෙත ලිපියක් මගින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කොළඹ දෙසට මංතීරු දෙකක් සහ හොරණ දෙසට මංතීරු එකක් ද, සවස 3 සිට පසුදා උදෑසන 6 තෙක් කොළඹ දෙසට මංතීරු එකක් සහ හොරණ දෙසට මංතීරු දෙකක් ද වශයෙන් වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.

එමෙන්ම, උදෑසන 6 සිට උදෑසන 9 තෙක් සහ සවස 4 සිට රාත්‍රී 8 දක්වා මගී බස් රථ හැර සියලුම බර වාහන පාලම මගින් ගමනාගමනය නවත්වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර් යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

මේ සඳහා විකල්ප මාර්ග ද හඳුන්වා දී ඇති අතර, හොරණ සිට කොළඹැ දෙසට ගමන් කරන වාහන පිළියන්දල - කටුබැද්ද හරහා ගාලු පාරට පැමිණ කොළඹ දෙසට ගමන් කළ හැකියි.

හොරණ සිට වේරහැර දක්වා ගමන් කරන වාහන ගාලු පාර ඔස්සේ රත්මලාන - බොරුපන මාර්ගය හරහා වේරහැර වෙත පැමිණිය හැකි අතර, කොළඹ දෙස සිට හොරණට ගමන් කරන වාහන බොරලැස්ගමුව සිට මහරගමට පැමිණ මහරගම සිට පිළියන්දල මාර්ගය ඔස්සේ ගමන් කළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now