ගස් සිටුවීමේ තීන්දුවට බදුර්දීන් එරෙහි වෙයි..!
විල්පත්තුව, කල්ලාරු ප්‍රදේශයේ කැළෑ හෙළි කළ ප්‍රදේශවල යළි වන වගා කරන ලෙස නිකුත් කර තිබෙන තීන්දුවට එරෙහිව රිෂාඩ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ගොනුකර තිබේ.
ඔහු ඉන් පෙන්වා දෙන්නේ අභියාචනාධිකරණය විසින් තමන්ට එරෙහිව නිකුත් කර තිබෙන තීන්දුව අවලංගු කරන ලෙසය. ඒ අනුව අදාළ අභියාචනා පෙත්සම සැප්තැම්බර් මස 05 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
මෙම අභියාචනා පෙත්සම අද (03) ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණි
. විල්පත්තුව කල්ලාරු රක්ෂිත කලාපයේ කැළෑ හෙළිකිරීම වෙනුවෙන් යළි ගස් සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට පසුගියදා නියෝග කර තිබුණි.
මේ අතර එම නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම අභියාචනය බාධාවක් නොවන බවත් මෙහිදී විනිසුරු මඩුල්ල සඳහන් කළේය.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමේ වගඋත්තරකරු ලෙස පරිසර යුක්ති කේන්ද්‍රය නම්කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |