Rise Up පෙරළිකාර තාරුණ්‍යයේ රැඩිකල් නවාතැන. - (PHOTOS)

By Wayomi Feb 08, 2024 09:45 AM GMT
Report

Rise Up නම් පෙරළිකාර තාරුණ්‍ය සංවිධානයේ මූලාරම්භය පසුගිය ජනවාරි 26 දා සිදුවිය. මෙම එකමුතුව, ප්‍රගතිශීලී තරුණ පරපුරක මූල්‍ය ඉලක්ක සාක්ෂාත් කර ගනිමින් ජීවිතය සැමරීමටත්, ඔවුන්ගේ දූරදර්ශී දැක්ම බෙදා ගන්නා ඕනෑම කෙනෙකුට එහි දොරටු විවර කිරීමේ අරමුණිනුත් පසුගියදා කොළඹ කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන ලදී.

Rise Up හි ඒකායන පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාව පුරා ශක්තිමත් ජාලයක් ඇති කර ගනිමින් රටේ වඩාත්ම වැදගත් තරුණ ව්‍යාපාරය බවට පත් වීමයි.

එහි පළමු පියවර සනිටුහන් කරමින් ශ්‍රී ලංකේය තාරුණ්‍යයේ රට පුරා විහිදී පැතිරී සිටින තරුණ සංවිධාන, ව්‍යාපාර සංගම්, සමාගම් සහ වඩාත් ආකර්ශනීය තාරුණ්‍යයේ ජනප්‍රිය ගායක ගායිකාවන්, රංගන ශිල්ප ශිල්පිනියන්, මාධ්‍යවේදීන්, සමාජ මාධ්‍යයේ පෙරළිකාර චරිත, සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් (Influencers), වෙළඳ ප්‍රචාරණ සහ චිත්‍රපට කර්මාන්තයේ ප්‍රවීණයන් රාශියක් එකට එක්කරමින් සිය කේන්ද්‍රස්ථානය වන Rise Up Plug මධ්‍යස්ථානය විවෘත කෙරිණි.

එම රාත්‍රියේ විනෝදාස්වාදය සපයන ලද්දේ ශ්‍රී ලංකාවේ නැගී එන සංගීත කණ්ඩායමක් වන ‘Mid Lane’ විසින් වන අතර දක්ෂ කලාකරුවන් රැසක් එහිදී ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් සිදු කරනු ලැබුවා.

නිර්මාණශීලි තාරුණ්‍යයේ පෙරළිකාර අනාගත ඉලක්ක ජයග්‍රහණය කිරීම සඳහා මෙම Rise Up Plug මධ්‍යස්ථානය හරහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කෙරෙණු ඇති බව එහි තරුණ කළමනාකාරීත්වය පවසනවා.

ඒ අනුව අතිශය ආකර්ශනීය නව්‍ය කරණයන්ගෙන් සමන්විත Rise Up Plug මධ්‍යස්ථානය තරුණ පරපුරට සිය නිර්මාණාත්මක හැකියාවන් එළි දැක්වීම සඳහා වේදිකාවක් සේම, සිය ව්‍යවසායකත්ව හැකියාවන් ප්‍රචලිත කිරීම සඳහා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයක් ලෙස මෙන්ම විවිධ ක්ෂේත්‍රයන් හි විවිධ වූ උත්සව, පුහුණු සැසි ආදී බහුවිධ කාර්යසාධන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමට ඔබට අවස්ථාව උදා වනු ඇත.

ඒ අනුව Rise Up Plug වෙත ප්‍රවේශය සියලුම Rise Up සාමාජිකයින්ට පමණක් ලබා ගත හැකි අතර, එහි පරිපාලන කණ්ඩායම විසින් Rise Up හි අරමුණු සහ මෙහෙවරයන්‌ට ගැළපෙන අවස්ථා එනම් Events සඳහා මෙම ස්ථානය වෙන් කර දෙනු ඇත.

විනෝදාස්වාදය, පරිසරය, අධ්‍යාපනය, ක්‍රීඩා සහ ව්‍යවසායකත්වය යන තරුණයින්ගේ ක්ෂේත්‍රයන් සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වීමට ප්‍රධාන අංශ පහක් ඉලක්ක කර ගනිමින් Rise Up සිය මෙහෙවර උපාය මාර්ගිකව ගෙනහැර දක්වා ඇති අතර මෙම ක්ෂේත්‍ර තුළ ඉලක්කගත ව්‍යාපෘති හරහා, තරුණයින්ගේ කුසලතා ඉහළ නැංවීමට පහසුකම් සැලසීම සහ අත්‍යවශ්‍ය අරමුදල් රැස්කිරීම සංවිධානයේ අරමුණයි.

Rise Up විමසීම් සඳහා Hotline - 0711623632.


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%