හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ අභියාචනයට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය..

Risad Badhiutheen Sri Lanka Politician
By krishani Sep 05, 2022 07:31 AM GMT
Report

විල්පත්තු රක්ෂිත වනාන්තරය ආශ්‍රිතව පිහිටි කැලෑ කපා ඉවත්කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් ඔහුට එරෙහිව දී ඇති තීන්දුවක් බලරහිත කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කර ඇති අභියාචනයක් සලකාබැලීම සඳහා ජනවාරි මස 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

එම අභියාචනා පෙත්සම අද (05) ගාමිණී අමරසේකර, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුණු අතර ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයෙකු වශයෙන් කටයුතු කරන අර්ජුන ඔබේසේකර මහතා මෙම සිද්ධියට අදාළ අභියාචනාධිකරණ නඩු විභාගය සඳහා ද සහභාගී වී ඇති හෙයින් මෙම පෙත්සම සලකාබැලීම වෙනත් විනිසුරු මඩුල්ලක් වෙත යොමු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

ඒ අනුව පෙත්සම සලකාබැලීම ජනවාරි මස 19 වනදා සිදුකිරීමට අධිකරණය නියම කළේය.

විල්පත්තු රක්ෂිත වනාන්තර ආශ්‍රිතව පිහිටා ඇති කල්ලාරු රක්ෂිතයේ වනාන්තර කපා ඉවත්කිරීම සම්බන්ධයෙන් පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනුකර තිබූ නඩුවක තීන්දුව ලබාදුන් අභියාචනාධිකරණය අදාළ ප්‍රදේශයේ සිය පුද්ගලික වියදමින් පැළ සිටුවීමට පියවර ගන්නා ලෙස තමන්ට නියෝගයක් නිකුත්කළ බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join