තරුණ තරුණියන් වසඟ කළ, සුරූපී රූ රැජින නොසිතූ ලෙස දිවි ගමනට සමුදෙයි..(PHOTOS)

Gossip Today Indian Actress Actress
By Sewvandhi Mar 01, 2024 01:31 PM GMT
Report

ඉන්දියාවේ හිටපු ත්‍රිපුර රූ රැජිණක් වූ ‍රින්කි චක්මා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඇයගේ මරණය සඳහා මාරාන්තික පියුරු පිළිකා රෝගය හේතුවී ඇති බවයි, විදෙස් මාධ්‍ය පැවසූවේ.

වාර්තා වන්නේ ඇය මියයන විට ඇය 28 හැවිරිදි වියේ පසු වූ බවයි. ඇය වසර දෙකකට අධික කාලයක් පිළිකා රෝගී තත්ත්වයෙන් පීඩා විඳ ඇති අතර සුවය ලැබීම සඳහා ශල්‍යකර්මයක් ද සිදු කර තිබෙනවා.

වෛද්‍යවරුන් පවසන්නේ, අදාළ ශල්‍යකර්මයෙන් යහයහපත් ප්‍රතිඵල නොලැබුණු බවයි.

මිය යන විට ඇයගේ පිළිකා රෝගී තත්ත්වයන් පෙනහළු සහ හිස දක්වා වර්ධනය වී තිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇයගේ මොළයේ ගෙඩියක්ද හටගෙන තිබුණු බවට සඳහන්.

GalleryGalleryGallery