රජයේ ආයතනික තොරතුරු දැනගැනීම හෙවත් ප්‍රගාමී අනාවරණය ගැන ඔබ දැන සිටියාද?
රජයේ විස්තර ඒ කියන්නේ රජයේ ආයතන සම්බන්ධ විස්තර, ව්‍යපෘති ආදී සියල්ලම ගැන තොරතුරු දැනගැනීමට අපේ රටේ මහජනයාට අයිතියක් තිබෙන බව ඔබ දැනගෙන සිටියද? එය හඳුන්වන්නේ ප්‍රගාමී අනාවරණය ලෙසයි.
සාමාන්‍යයයෙන් ජූලි සහ දෙසැම්බර් අවසන් වීමට පෙර තම අමාත්‍යාංශය පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් ප්‍රකාශයට පත් කිරීමට සෑම ඇමතිවරයෙකු බැඳී සිටිනවා.
මෙය වාර්තාවල අයවැය වියදම්, අයවැය ප්‍රතිපාදන, යෝජිත වියදම්, මුදල් ලබාදීම පිළිබඳ වාර්තා මෙන්ම පුරවැසියන්ට තොරතුරු ලබා ගැනීමට ඇති පහසුකම් පිළිබඳ විස්තර වැනි මූල්‍ය තොරතුරු අඩංගු විය යුතුය.
ව්‍යාපෘති පිළිබඳ ප්‍රගාමී අනාවරණය
? ඩොලර් 100,000 කට වැඩි ප්‍රදේශ අරමුදල් හෝ රුපියල් 500,00 කට වැඩි ප්‍රතිපාදන ලැබෙන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු අනාවරණය කළ යුතුය.
? මෙම තොරතුරු ව්‍යාපෘති ආරම්භ කිරීමට මාස තුනකට පෙර හෙළි කළ යුතුය.
? හදිස්සි ව්‍යාපෘති වලදී ව්‍යාපෘති ආරම්භ කිරීමට සතියකට පෙර විස්තර හෙළි කළ යුතුය.
? පොදු අධිකාරීන් විසින් සිදුකරනු ලබන ව්‍යාපෘති පිළිබඳ විස්තර සාමාන්‍ය ජනතාවට මෙන්ම ව්‍යාපෘතියෙන් බලපෑමට ලක්වන පාර්ශවයන්ට ද මේ ආකාරයෙන් දැනුම් කළ යුතුය.
සෑම පොදු අධිකාරියක්ම RTI කොමිසම වෙත වාර්ෂික වාර්තාවක් ඉදිරිපත් කර එය ප්‍රසිද්ධියේ ලබාදීමට සහතික විය යුතුයි.
වාර්තාවේ පහත තොරතුරු අඩංගු විය යුතුය.
? වර්ෂය තුළලැබුණු මුළු තොරතුරු දැනගැනීමේ ඉල්ලීම් සංඛ්‍යාව සහ ලබාදී ඇති සහ ප්‍රතික්ෂේප කරන ලද තොරතුරු ඉල්ලුම් පත්‍ර / ඉල්ලීම් ප්‍රමාණය.
? වර්ෂය තුළ එකතු කරන ලද ගාස්තු ප්‍රමාණය.
? 5වන වගන්තිය යටතේ ප්‍රතික්ෂේප කරන ලද ඉල්ලීම් ගණන.
? කොමිෂන් සභාවේ නියෝගය අනුව තොරතුරු ලබා දුන් වාර ගණන.
? වාර්තා තබා ගැනීම, කළමනාකරණය සහ විනාශ කිරීම සම්බන්ධ පරිචයන්.
පොදු අධිකාරීන් ප්‍රගාමි ප්‍රගාමී අනාවරණය යටතේ හෙළි කළ යුතු වෙනත් තොරතුරු.
? ආයතනික ව්‍යුහය
? උපාය මාර්ගික සැලසුම්
? ප්‍රතිපත්ති ක්‍රියාපටිපාටි සහ ක්‍රියාකාරකම්.
? විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන්ගේ වේතන සහ දීමනා.
? පොදු ජනතාවට බලපාන සේ ගත් ක්‍රියාමාර්ග සහ තීරණ
? පොදු සේවා.
? අයවැය තොරතුරු සහ විගණන වාර්තා
? විවෘත රැස්වීම් තොරතුරු
? තීරණ ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු .
? සහනාධාර පිළිබඳ තොරතුරු.
? ප්‍රසම්පාදන විස්තර.
Transparency International Sri Lanka
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |