නැති ලෙඩ හැදෙන්න කලින් නිවැරදිව කන්න පුරුදු වෙන්න.
දුක් විඳලා කට්ට කාලා ඔච්චර හම්බ කරන්නේ ඇයි? කියලා ඇහුවොත් ඔබ දෙන උත්තරය මොකක්ද? අපි හම්බ කරන්නේ කන්න.
අපි කන්නේ ජීවත් වෙන්න මිසක්, කාලා ලෙඩවෙලා අඩු වයසින් මැරිලා යන්න නෙවෙයිනේ. අන්න ඒ නිසා පොඩි කාලේ දරුවන්ට කියලා දෙන මේ "නිවැරදි ආහාර පුරුදු" වැඩිහිටි ඔබත් අනුගමනය කරන්න පුරුදු වෙන්න.
👉 පැය 6කට වරක් ආහාර ගැනීම සුදුසුයි.
👉 ඔබට තිබෙන බඩගින්න අනුව ආහාර ප්‍රමාණය තීරණය කරන්න.
👉 ආහාර ගැනීමට පෙර ශෝකය, තරහව වැනි අසුබ සිතුවිලි ඉවත් කර ගන්න.
👉 සුන්දර පරිසරයක ආහාර ගන්න.
👉 කතාබහ නොකර සතුටින් සෙමින් ආහාර ගන්න.
👉 ආහාර හොඳින් සැපිමෙන් මුහුණ ප්‍රසන්න වෙයි. දත් හොදින් වැඩේ. ආමාශයට අඩු පීඩනයක් දැනෙන අතර එම නිසා අමාශය නිරෝගී වෙයි.
👉 චට්නි සහ ලුණුදෙහි කුඩා ප්‍රමාණ වලින් ගැනීම නිසා ආහාර වල පෝෂණය ශරීරයට උරා ගැනීම වැඩි වී ආහාර රුචිය වර්ධනය වේ.
👉 සුදුරු, මාදුරු, කොත්තමල්ලි, කහ, ගම්මිරිස් සහ මිරිස් ගුණදායක ස්වභාවික රසකාරක වේ.
👉 පොල්, කරපිංචා, කරවිල සහ කහ ආහාර වල විෂ නසයි.
👉 ලුණු වැඩියෙන් ගැනීමෙන් වකුගඩු, හදවත සහ මොළයේ අතුරු ආබාධ ඇතිවේ. එමෙන්ම ඉක්මණින් මහලු පෙනුමක් ලබාදෙයි.
👉 ප්‍රතිජිවක වැඩියෙන් ගැනීමෙන් ආහාර ජිරණයට අවශ්‍ය බැක්ටීරියාද විනාශ වේ. ශරීරයේ මෙවැනි බැක්ටීරියා 2kg පමණ සිටියි.
👉 සෙම ඇති අයට තිබ්බටු කොළ කැද, ශරීරය කෙට්ටු අයට හාතාවාරිය කොළ කැද සහ බුද්ධි වර්ධනයට ගොටුකොළ, ලුනුවිල හා කොහිල මිශ්‍ර කොළ කැද සුදුසු වේ.
👉 සෙම ඇති අය එළකිරි බිමේදී ඉගුරු දමා බිම හෝ එළුකිරි බීම සුදුසු වේ.
👉 බිම්මල් වලින් පිළිකා සෛල විනාශ කරයි.
👉 කොරෝස්ටරෝල් වලට ගුණ ආහාර වන්නේ සිනි නොමැති උණු තේ, සියඹලා, ගොරකා, සුදුළූණු මිශ්‍රණය සහ තැම්බුම් හොද්දයි.
👉 වැඩිපුර තෙල් කෑමෙන් අකලට මහලු වීම සහ පිළිකා ඇතිවීමේ අවධානම වැඩි වෙයි.
👉 කතුරුමුරුංගා වල විටමින් අධික ප්‍රමාණයක් ඇති අතර පිළිකා සෛල විනාශ කරයි. කතුරුමුරුංගා මල් හදවත ආරක්ෂා කරයි.
👉 නිතර පළතුරු ආහාරයට ගැනීමෙන් ප්‍රතිශක්තිකරන පද්ධතිය වර්ධනය වෙයි.
👉 රතු හාල් කැඳ සියලුම රෝග වලට ගුණදායක වේ.
👉 බත් පිගානේ 70%ක් පිෂ්ඨය , 10%ක් ප්‍රොටීන, 10%ක් මේදය සහ 10%ක් අනිකුත් පෝෂක අඩංගු විය යුතුයි.
👉 ලෙඩ රෝග වර්ධනයට මෙන්ම මර්ධනයටද ආහාර වැදගත් වන බැවින් සිතාමතා ආහාරය තීරණය කරන්න.
👉 දැනට පවතින බොහෝ ආහාර වල කෘමිනාශක සහ කෘතීම රසකාරක අඩංගු වේ. මෙම විෂ සහ තෙල් වල අඩංගු මුක්ඛ ඛන්ධ ඉවත් කිරීමට අක්මාවට වැඩිපුර ක්‍රියා කිරීමට සිදුව තිබෙනවා. මේ නිසා අක්මා රෝග බහුල වී තිබෙනවා.
👉 ආහාර ගැනීමේදී මානසික තෘප්තියද ඉතා වැදගත්.
👉 සමහර අමු පළතුරු වල ස්වභාවික විෂ ඇති අතර ඉදෙන විට මේවා ඉවත් වේ. බොහෝ නවීන ආහාර ශරීරයට පිටතින් නොදැනුනත් ඇතුලතින් අසාත්මික වන නිසා මානසික ආතතිය ඇති වේ.
👉 ආහාර ගෙන පැය 2ක් ගිය පසු නිදා ගන්න. නැත්නම් ශරීරයේ සමහර කොටස් ක්‍රියා කරන අතර සමහර කොටස් අක්‍රිය වෙමින් පවතී.
👉 ආහාර ගැනීමට සුදුසු වේලාවන් වන්නේ උදේ 6-7, දවල් 12.30 – 1.30 සහ රාත්‍රි 7-8 කාලයන්ය.
👉 වැඩි වියදම් ආහාර කෙරේ ඇල්මක් ඇති කරගත් විට, ඒවා දකින විට අමාශයේ ශ්‍රාවයන් ගලනවා. මෙය අමාශයේ රෝග සෑදීමට හේතු වෙනවා. මේ නිසා අනවශ්‍ය ආහාර කෙරෙහි ඇල්ම නැති කර ගන්න.
👉 බාබකියු ආහාර සහ තෙල් සහිත ආහාර වල මුක්ඛ ඛන්ධ ඇත. මේවා DNA සමඟ ක්‍රියාකර පිළිකා සෛල ඇති කරයි.
👉 බොහෝ තෙල් වර්ග ආලෝකයට සහ වාතයට නිරාවරණය කර තැබීමෙන් මුක්ඛ ඛන්ධ ඇති වේ. මේවා යොදාගෙන කරන බැදුම් සහ චීන ආහාර නිසා පහසුවෙන් පිළිකා රෝගියෙක් බවට ඔබ පත් වේ.
👉 ආහාර අසුරණයක නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වීමේ දිනය, නිෂ්පාදකයාගේ ලිපිනය, තත්ව සහතිකය සහ පෝෂණ අගයන් දක්වා තිබිය යුතයි.
👉 පිළිකා ඇති වීමට මුලික හේතුන් වන්නේ කෘතීම ආහාර, දුම්කොළ සහ අධික ලිංගික ක්‍රියා වේ.
👉 කලබලේට කෑම, ඉතා වැඩි කාලයක් ගෙන කෑම, ඕනෑවට එපාවට කෑම, නිතරම කෑම, ඕනෑවට වඩා වැඩියෙන් කෑම, නොකා සිටීම, අනුන් දෙන දේ නොසිතා කෑම සහ වෙලාවට නොකෑම වැරදි ආහාර පුරුදු වේ.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |